Posts

Showing posts with the label ඖෂධ පනත

ඖෂධ පනත හා දොස්තර මාෆියාවෙන් බේරෙන හැටි

Image
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන එෟෂධ පනත පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූයේ ය.  මෙම පනත මාර්තු 04දා සම්මත කර ගන්නට නියමිතයි. එහෙත්, ඖෂධ පනත පිළිබඳ ප්‍රමාණවත් සංවාදයක් ඇති වී තිබෙන බවක් දකින්නට නැහැ.  ඖෂධ කියන්නේත් කිරි වගේ ජාතියක්. අපි කිරි මිළ අඩු කරන්නැයි උද්ඝෝෂණ කරනවා. එහෙත්, මූලික ප්‍රශ්නයක් අමතක කරනවා. අපි මොකටද කිරි බොන්නෙ? නො බී ඉන්න පුළුවන් නේ. පුංචි කාලේ මව්කිරි බිව්වාට පස්සෙ හරක් කිරි බොන්න අනිවාර්ය අවශ්‍යතාවක් නැහැ.  ඖෂධ ගැනත් මේ කතාව අදාළයි. නිරෝගී ජීවිත වෙනුවෙන් අවශ්‍ය පාරිසරික සාධක, ආර්ථික සාධක, විවේකය, විනෝදය ආදී කාරණා ගැන අපි යොමු කරන්නේ අවම අවධානයක්. බෙහෙත් ගැන ඊට වැඩි අවධානයක් යොමු කරනවා.  කිසිම දේශපාලන සංවිධානයක් මේ රටේ ක්‍රීඩා පිටිවල පහසුකම් ගැන අවධානය යොමු නො කරන්නේ ඇයි. ජනතාවට විවේකය, විනෝදය ලබා ගැනීමට ඇති පහසුකම් ගැන උද්ඝෝෂණ කරන්නේ නැත්තේ ඇයි? ජනතාවට ව්‍යායාම කරන්න පුරුදු කරන එක දේශපාලනික වැඩක් නෙමෙයි ද? කෙසේ වෙතත්, ඖෂධ පනත ගැන සංවාදය හොඳයි. ඒ වුණාට මේ සංවාද කෙරෙන්නේ තහනම් වචනයකුත් එක්කයි...