Posts

Showing posts with the label ඕපාදූප

ගොසිප් වෙබ් අඩවි කීපයක ඉදිරි පැය කීපයේ මාතෘකා

Image
මහින්දට හාට් ඇටෑක් එකක් මහින්ද බැසිල්ට දෙහි කපයි මෛත්‍රීපාල සිරිසේන සමග එක් වන පිරිස 100 දක්වා වැඩි වේ අස් වූ මන්ත්‍රීන්ට මරණ තර්ජන ආණ්ඩුවට එක් වන අයට කෝටි ගණනින් අල්ලස් චන්ද්‍රිකාට තර්ජන කරු කලකිරේ සජිත් ජනාධිපතිවරණයේදී නිහඬ වන්නට තීරණය කරයි පළාත් සභා සියල්ලේ බලය විපක්ෂය අතට ගන්නට සැලසුමක් පොදු අපේක්ෂකයා අත ලකුණෙන් ජනාධිපතිවරණයට සහාය දෙන්නන නම් පුතා නිදහස් කර දෙන්න - මර්වින් සිල්වා ඩඩ්ලි සිරිසේනගේ අරලිය වී මෝලට තර්ජන වැලි රාජු අල්ලන්න දැවැන්ත පොලිස් මෙහෙයුමක් ලේකම්කම දුන්නේ නැති නිසා ඇමති එස්.බී.ත් විපක්ෂයට ජී.එල්. පීරිස් හා මෛත්‍රී අතර රහස් කතා නිමල් සිරිපාල ද සිල්වා අගමැතිකම ඉල්ලයි අගමැතිකම පවුලේ කෙනෙකුට ම දෙන්නට මහින්ද රාජපක්ෂ තීරණය කරයි දි.මු. ජයරත්නගේ පුතා විපක්ෂය සමග එක් වේ ශ්‍රීලනිප ලේකම්කම අනුරට දීම ගැන ඩලස් අසතුටින් කතානායක චමලුත් මෛත්‍රීපාලට යටින් සපෝට් මෛත්‍රී දිනුවත් මහින්ද රාජපක්ෂ දිගටම ජනාධිපති හමුදා ආණ්ඩුවක් එයිද? මේ කිසිවක් ගැන ලියන්නට කිසිදු මූලාශ්‍රයක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ පරිකල්පනය ස්වල්පයක් පමණි.  ඔබත් අදම ගොසිප් වෙබ් අඩවියක් ...

ගොසිප් වෙබ් අඩවි ප්‍රධාන ධාරාවේ පත්තරවල පුවත් අමු අමුවේ කොපි කරන්නේ ඇයි?

Image
ගොසිප් හෙවත් ඕපාදූප වෙබ් අඩවි ලංකාවේ ලෝක ව්‍යාප්ත ජාලයේ හරි ජනප්‍රියයි නේ.  ඕපාදූප වෙබ් අඩවි සහ ඕපාදූප නො වන වෙබ් අඩවි මොනවාද කියා ‍වෙන් කර ගැනීමත් දැන් දැන් දුෂ්කරයි.  මේ ඕපාදූප වෙබ් අඩවි ගැන මම දැන් කලක සිට නිරීක්ෂණයක ඉන්නවා. මේ වෙබ් අඩවිවල 90%ක් ම පළ වන්නේ ජාතික පුවත්පත්වල පළ වුණ පුවත් හා විශේෂාංගවල කට් ඇන්ඩ් පේස්ට් හෙවත් අමු අමුවේ කොපි කිරීම්. හැබැයි, ඒවා කවදාවත් තමන් ඒ පුවත ලබා ගත් මූලාශ්‍රයවත් සඳහන් කරන්නේ නැහැ. ගොසිප් වෙබ් අඩවි සංස්කාරකවරුන් රඟපාන්නේ ඒවා තමන්ගේ ම සොයාගැනීම් වගේ. ඔවුන් අලුත් පුවත් හෝ ඕපාදූප ගෙන එන අවස්ථා ගණන ඉතා සීමිතයි. ගෙන එන ඕපාදූප ගත්තත් බොහෝ දුරට අල්ලේ පැලවෙන බොරු.  ගජබින්න ලංකාවේ ප්‍රවෘත්ති 'කලාවේ' ප්‍රධාන අංගයක්. සිදුවීම් පෙළ ගැසෙන හැටි බලා ඉඳලා රසවත් ප්‍රවෘත්ති පරිකල්පනය කරන්න සමත් මාධ්‍ය'වේදීන්' ලංකාවේ ඉන්නවා. මම පොඩි උදාහරණයක් පෙන්නන්නම්කෝ. දැන් මේ දවස්වල ඉන්දියාවත් ලංකාවත් අතර 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත සංශෝධනය කිරීම ගැන කතා බහ පැවැත්වෙනවානේ. ඉතින් නිර්මාණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරුවෝ සිය පරිකල්පනයෙන් මෙවැනි ප්‍ර...