Posts

Showing posts with the label එම්.කේ. සිවාජිලිංගම්

ප්‍රභාකරන්ගේ පියාගේ අවමංගල්‍ය සභාව ඇමතූ සිංහලයා පොලිස් අත්අඩංගුවේ

Image
(2010 ජනවාරි 10 -W3Lanka) වේලුපිල්ලෛ ප්‍රභාකරන්ගේ පියා වන අභාවප්‍රාප්ත වීරසාමි තිරුවේංගඩාම් වේලුපිල්ලෛ (86) මහතාගේ අවමංගල්‍ය උත්සවයේදී කතාවක් පැවැත්වූ නව සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් හා ජනාධිපති අපේක්ෂක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ කලුතර දිස්ත්‍රික් නියෝජිත ධර්මසිරි ලංකාපේලි වැල්වැටිතුරෛ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  මේ වන විට විග්‍රමබාහු කරුණාරත්නගේ ප්‍රධාන මැතිවරණ නියෝජිතයා වන චමිල් ජයනෙත්ති ද වැල්වැටිතුරෛ පොලිසියේ සිටින බව පවසන ආචාර්ය කරුණාරත්න සිය මැතිවරණ නියෝජිතයන් මෙසේ අත්අඩංගුවට ගැනීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව පවසයි. වේලුපිල්ලෛ මහතා වැල්වැටිතුරෛ කෝවිල් භාරකාර ප්‍රභූ පවුලකින් පැවත එන විශ්‍රාමික රජයේ සේවකයෙකි. සිය බාල පුත් වේලුපිල්ලෛ ප්‍රභාකරන්ගෙන් ඈත්ව දීර්ඝ කාලයක් දකුණු ඉන්දියාවේ සරණාගතයකු ලෙස ජීවත් වූ ඔහු සහ බිරිඳ පසුගිය සටන් විරාම කාලයේදී වන්නියට පැමිණ මල්ලාවිහි ජීවත් වූහ. ප්‍රභාකරන්ගේ පියා වීම නම් 'චෝදනාව' හැර අන් 'වරදක්' වේලුපිල්ලෛ කර ඇති බවක් කිසිවෙක් නො පවසති. යුද්ධයේ අවසානයත් සමග අවතැන්...

දෙමළ ජාතික සන්ධානයේ සිවාජි සහ ශ්‍රීකාන්ත බාහුට සහාය පළ කරති

Image
(2010 ජනවාරි 01 -W3Lanka)   ජනාධිපතිවරණය පිළිබඳව තීරණයක් ගැනීමට දෙමළ ජාතික සන්ධානය තවමත් අසමත් වී තිබෙන අතරතුර එම සන්ධානයේ තවත් අපේක්ෂකයෙක් පසුගියදා වාමාංශික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නට සහාය පළ කළේය. එම මන්ත්‍රීවරයා එන්. ශ්‍රීකාන්තයි. නව සමසමාජ පක්ෂයේ 32වන සංවත්සර රැස්වීමට සහභාගි වෙමින් ඔහු මේ බව නිවේදනය කළේය. ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කරන එම්. කේ සිවාජිලිංගම් මන්ත්‍රීවරයා ද වික්‍රමබාහුට සහාය පළ කර තිබෙන අතර මේ දෙදෙනා එක් වේදිකාවක සිට දෙසැම්බර් 30දා කොළඹ නව නගර ශාලාවේ පැවති රැස්වීමක් ඇමතූහ.   නව වසරේ මේ වන විට මේ දෙපළ යාපනයේ එකට ප්‍රචාරක කටයුතුවල යෙදෙමින් සිටිති. දෙමළ ජාතික සන්ධානයේ තවත් මන්ත්‍රීන් ගණනාවකගේ සහයෝගය ඉදිරි කාලයේදී තමන්ට ලබෙනු ඇති බවට වික්‍රමබාහු බලාපොරොත්තු පළ කළේය.