ලාභය හා ප්‍රාග්ධන සමුච්චකරණය වෙනුවෙන් සොබාදහම සූරා කෑම හා ලංකාවේ අලි මිනිස් ගැටුම
(2010 ජුනි 13, W3Lanka ) දෙවියන් හෝ සොබා දහම හෝ වෙනත් බලවේගයක් විසින් පෘථිවිය බිහි කර සත්වයන් පරිණාමය කර සොබා දහමට අභියෝග කරන මිනිසා බිහි කළේ ය. මිනිසා පෘථිවිය බෙදා වෙන් කර ඔප්පු තිරප්පු ලියා ගත්තේ ය. අනෙක් සතුන් මේ පෞද්ගලික දේපල ලෝකයෙන් බැහැර කරන ලදී. අලියා යනු දවසකට කිලෝමීටර පනහකට වඩා සංචරණය කරමින් කෑම සපයා ගන්නා සතෙකි. ඌ පාරම්පරිකව ගමන් බිමන් ගිය මාර්ගමැදින් මිනිස්සු ගෙවල් හා ගොවි බිම් තනා ගත්හ. ඒ මිනිසුන් කියන්නේ තමන්ටත් ජීවත් වන්නට තැනත් තිබිය යුතු ය කියා ය. එබැවින් වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ අලින් කැළෑවලට පන්නා ආපසු එන්නට බැරි වන පරිදි විදුලි වැට ඉදි කර සිර කළ යුතු ය. නැතිනම් ගම් වැසියන්ට අලින් මැරීම සඳහා ලයිසන් තුවක්කු දිය යුතු ය. ජනමාධ්‍යකරුවෝ මෙය අලි මිනිස් ගැටුම ලෙස නම් කරති. රජය විසඳුමක් දිය යුතු බව බෞද්ධ නායකයෝ කියති. රජය දැන් අලින්ට පක්ෂ ය. මන්ද, අලින් යනු සුද්දන්ට පෙන්වා විදේශ විනිමය උපයා ගත හැකි වෙළඳ භාණ්ඩයකි. මධ්‍යම මට්ටමේ ආදායම් සහිත රටක් නිසා දැන් ලංකාවේ රජයට හා රාජ්‍ය නොවන සංවිධානවලට දැන් දිළින්දන් විකිණීමට ලැබෙන අවස්ථ...