Posts

Showing posts with the label ඉරාකය

ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තයන් ඉදිරිපිට කුර්දි ජාතික විමුක්ති අරගලය

Image
කුර්දිස්තානය (මනෝරාජික) ISIS හෙවත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත ව්‍යාපාරයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ නායකත්වයෙන් නේටෝ යුද හවුල විසින් දියත් කර තිබෙන සටනේ මූලික ගැටලුවක් වී තිබෙන්නේ එය අධි තාක්ෂණික ගුවන් ප්‍රහාරවලට සීමා වී තිබීමයි. ISIS ත්‍රස්තවාදීන් සක්‍රිය වී සිටින සිරියාවේ හා ඉරාකයේ ප්‍රදේශ වෙත ගොඩබිම් බල ඇණි යැවිය යුතුව තිබුණත් ඇමරිකා එක්සත් ජනපදය හෝ යුරෝපා සංගමයේ රටවල් ඒ සඳහා ඉදිරිපත් වන්නේ නැත. තුර්කිය මෙම සටන සඳහා ඉදිරිපත් වීමට කැමැත්ත පළ කර තිබේ. ISIS  හා වෙනත් ත්‍රස්තවාදී ව්‍යාපාර සමග සටන් කිරීම සඳහා හමුදා යෙදවීම හා ඒ වෙනුවෙන් විදේශ හමුදා සමග එක් වීම තුර්කි පාර්ලිමේන්තුව විසින් ඔක්තෝබර් 02දා අනුමත කරන ලදී. ඒ අනුව එක්සත් ජනපදය හා යුරෝපය බලාපොරොත්තු වන්නේ තුර්කිය ගොඩබිම් යුද්ධයට අවතීර්ණ වනු ඇති බවයි. මේ අතර සිදු වී තිබෙන සුවිශේෂ දෙය වන්නේ ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ කිරීම වෙනුවෙන් තුර්කියේ පදනම් වූ මාක්ස් ලෙනින්වාදී කුර්දිස්තාන කම්කරු පක්ෂය හෙවත් PKK හා එම සංවිධානයේ සිරියානු ශාඛාව ලෙස සැලකෙන කුර්දි ප්‍රජාතාන්ත්‍රික සංගම් පක්ෂය හෙවත් PYD ඉදිරිපත් වීමයි. එම සංව...

ත්‍රස්තවාදයේ අලුත් මුහුණුවර; ඉස්ලාමීය රාජ්‍යය

Image
ISIS (Islamic State of Iraq and Syria - ඉරාක හා සිරියා ඉස්ලාමීය රාජ්‍යය) හා IS (Islamic State - ඉස්ලාමීය රාජ්‍යය) නම් සංවිධාන ගැන වාර්තා මෑත වකවානුවේදී නිතර පළ වුණා. ඔවුන් ඇත්ත වශයෙන් ම ලෝක ත්‍රස්තවාදී ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් සටහන් කළා ය කියන්න පුළුවන්. ඒ කෘෘරත්වයෙන්. මේ ත්‍රස්ත කල්ලිය විසින් අන්තර්ජාලයට මුදා හරින ලද වීඩියෝ දර්ශනවල තිබෙන්නේ අතිශය කෘෘර ඝාතන හා මිනිස් හිංසනයන්. ඒවා ලොඹු දැහැ ගන්වන තරම් වියරු දර්ශන. මිනිසුන්ට අමානුෂික ලෙස පහර දීම්, වධ දීම්, මරා දැමීම්, බෙලි කැපීම්, මළ මිනීවලට පවා ම්ලේච්ඡ අන්දමින් සැලකීම් ආදිය මේ වීඩියෝවල දක්නට ලැබෙනවා. මේවා අන්තර්ජාලය හරහා වයිරස් ආකාරයෙන් පැතිරෙනවා. මිනිසා තුළ පවත්නා කෘෘරත්වය කෙරෙහි ඇති කිසියම් වනචාරී යුගයෙන් ශේෂ වූ නැඹුරුවක් නිසා මේවා සමාජ ජාල වෙබ් අඩවිවල විශාල වශයෙන් බෙදා හදා ගැනෙන ආකාරය දකින්නට පුළුවන්. මෙවැනි කෘෘර ක්‍රියා ලෝකය පුරා ම ත්‍රස්තවාදීන් මෙන් ම රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් ද කර තිබෙනවා. ඒත්, මින් පෙර ඉතිහාසයේ එවැනි ක්‍රියා සම්බන්ධයෙන් වගකීම් භාර ගන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. මානව හිමිකම් සම්බන්ධයෙන් ලෝකයේ තිබෙන...