Posts

Showing posts with the label ඉන්දීය

මාළුන්ට නැති දේශ සීමා වෙනුවෙන් කෙළ ගන්නා ලංකාවේ හා තමිල්නාඩුවේ ධීවරයෝ

Image
(2011 පෙබරවාරි 22,  W3Lanka )  යාපනයේ ධීවරයන් හා දකුණු ඉන්දීය ධීවරයන් අතර මුහුදු සම්පත් බෙදා ගැනීම පිණිස ඇති වී තිබෙන ගැටුම මේ වන විට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් වී තිබේ.  තමිල්නාඩු ධීවරයන්ගේ ප්‍රශ්නය එරට දේශපාලන පක්ෂ විසින් මැකිවරණයේදී වාසි ලැබීම සඳහා භාවිතා කරන බව ලංකාවේ ආණ්ඩුව චෝදනා කරයි. යාපනයේ ද පළාත් පාලන ඡන්ද පැවැත්වේ. ධීවර ගැටුම්වලින් වාසි ලැබීමට සූදානම් දේශපාලන පක්ෂ මෙහි ද ඇත. නීතිය අතට ගෙන, ලංකාවේ මුහුදි සීමාවට පැමිණි බෝට්ටු අත්අඩංගුවට ගෙන, යාපනයට ගෙන ආ, එම බෝට්ටු නාවික හමුදාවට භාර දීම මුලදී ප්‍රතික්ෂේප කළ, දිගින් දිගට ම උද්ඝෝෂණයේ යෙදෙන යාපනයේ ධීවර සමිති කොටින්ට සම්බන්ධ යයි ආණ්ඩුව පැත්තෙන් චෝදනා ද නැ‍ඟේ. ආණ්ඩුව සාමාන්‍යයෙන් තමන්ගේ පාලනයට හසු නො වන ඕනෑම දෙයක් කොටින් පිට පටවයි.  උතුරේ කොටි සංවිධානය බලවත්ව සිටියදී පවා වරක් ‍යාපනයේ ධීවර සමිති මේ අන්දමින් ම ඉන්දීය ධීවර බෝට්ටුවලට ප්‍රහාරයක් එල්ල කළ හ.  කෙසේ වෙතත්, අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කර තිබුණු ඉන්දීය ධීවරයන්  ඉන්දීය රජයේ දැඩි බලපෑම් හේතුවෙන් නිදහස් කර යැවීමට ලංකා...