Posts

Showing posts with the label ඇටමැස්සා

ඉන්න ඇටමැස්සන් ද? අලුත් ඇටමැස්සන් ද?

Image
අජිත් පැරකුම් ජයසිංහ - රටේ සිදු වන ඇතැම් මහා පරිමාණ දූෂණ පිළිබඳ ජනතා අවධානය යොමු වී ඇත. රුබෙල්ලා එන්නත විෂ වීමෙන් පාසල් දැරියන් දෙදෙනෙකු මිය යාම මේ හා බැඳුණු ආසන්න උණුසුම් සිද්ධියකි. දූෂණය බැඳී පවතින තවත් සාධකයක් වන්නේ බොරුවයි. කොමිස් ලබා ගැනීම සඳහා ගෙන්වන ලද ප්‍රමිතියෙන් බාල ඖෂධ බවට විපක්ෂය විසින් චෝදනා කරන ලද රුබෙල්ලා එන්නත්වල වෙන් වෙන් වශයෙන් ඒවා නිෂ්පාදනය කළ දිනය පිළිබඳව සඳහන් කර නොතිබුණද එම එන්නත් බහාලන ඇසුරුම්වල එන්නත්වල නිෂ්පාදිත දිනය සඳහන් කර තිබෙන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය එය ප්‍රමාණවත් බව පැහැදිලිව ම සඳහන් කර ඇති බව ද සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා මේ පිළිබඳව පැවති පාර්ලිමේන්තු විවාදයේදී කෑ ගසා පැවසීය. එහෙත් මේ පිළිබඳව Criteria for Medicinal Drug Promotion නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ හා අදාළ නිල ලේඛනයේ මේ පිළිබඳව සඳහන් වන්නේ එසේ නොවේ. මෙම ලේඛනයේ ප්‍රමෝෂන් හෙවත් ප්‍රවර්ධනය අර්ථ දක්වා ඇති ආකාරය අනුව එය නිෂ්පාදකයන් විසින් සපයනු ලබන ඖෂධ තොරතුරුවලට ද අදාළ වේ. ඇසුරුම්කරණය හා ලේබල්කරණය පිළිබඳ මෙම ලේඛනයේ අංක 28 යටතේ දැක්වෙන්නේ ඇසුරුම් හා ලේබල් යෙදීම කළ යුතුව තිබෙන්නේ ආනයනය කරන...