පළාත් සභාවල බලය බෙදීමේ යථාර්ථය පෙන්වන ආණ්ඩුකාරවරු
(2009 ඔක්තෝබර් 23 - W3Lanka ) පළාත් ආණ්ඩුකාරවරුන්ගේ 12 වැනි සම්මේලනය හෙට (24දා) යාපහුව පැරඩයිස් හෝටලයේදී ආරම්භ කෙරේ.සම්මේලනය සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලානා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස ආර් බලල්ලේ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ඌව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව්, සබරගමු පළාත් ආණ්ඩුකාර පි‍්‍රයන්ත ජානක බණ්ඩාර, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම, උතුරු පළාත් ආණ්ඩුකාර පී. ඒ. චන්ද්‍රසිරි සහ දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්ම මහත්මීහු සහභාගි වීමට නියමිතය. ප්‍රධාන වශයෙන් ම ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලෙස ගෙන ආ පළාත් සභා ක්‍රමය තුළ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන මධ්‍යම ආණ්ඩුව නියෝජනය කරන ආණ්ඩුකාර තනතුර බොහෝ දුරට ඡනදයෙන් පත් වූ පළාත් සභාවේ බලය ඉක්මවා නො යන නාමමාත්‍රික තනතුරක් බවට පත් විය යුතු වුව ද, බලය බෙදීමට විරුද්ධ වත්මන් පාලකයන් යටතේ පළාත් පාලනයේ බලවත් ම පුද්ගලයන් වී තිබෙන්නේ ආණ්ඩුකාරවරු ය. ඡන්දයෙන් පත් වන පළාත් සභාවල සම්මත කර ගනු ලබන නීති සඳහා අවසාන අනුමැතිය ලබා දීමේ බලය ඇති ආණ්ඩුකාරව...