ලංකාවේ සිටින පකිස්තාන් සරණගතයෝ කවුරුද?
ලංකාවට පැමිණි පසු වීසා ලබා ගැනීම සඳහා ලක් රජය විසින් විදෙස් සංචාරකයන්ට ලබා දී තිබෙන පහසුකම පකිස්තාන ජාතිකයන්ට තව දුරටත් ලබා නො දීමට ගිය සතියේ ආණ්ඩුව තීරණය කළා. පකිස්තාන ජාතිකයන් වෙනුවෙන් ඔන් එරයිවල් වීසා නම් වූ මෙම පහසුකම අවලංගු කිරීමට හේතු වුණ කාරණා කීපයක් තිබෙනවා. පසුගිය දිනෙක ඉන්දීය ආණ්ඩුව චෙන්නයිහිදී ෂකීර් හුසේන් නම් ලාංකිකයකු අත් අඩංගුවට ගත්තා. ඔහු පකිස්තානු ත්රස්ත කණ්ඩායම් වෙනුවෙන් ඔත්තු බැලූවකු බව ඉන්දීය ආරක්ෂක අංශ චෝදනා කරනවා. ඉන්දීය විරෝධී කාශ්මීර ත්රස්ත සංවිධානයක් වන ලෂ්කාර්-ඉ-ටයිබා වැනි අන්තවාදී සංවිධාන ලංකාව පදනම් කරගෙන ක්රියාත්මක වන්නට තිබෙන ඉඩකඩ ගැන ඉන්දියාව සිටින්නේ අවදියෙන්. මේ පිළිබඳව ඉන්දියාව ලංකාවේ ආණ්ඩුවට අනතුරු අඟවා තිබෙනවා. ලංකාව පකිස්තානුවන්ට 'පැමිණි පසු වීසා' ලබා දීම අත්හිටුවීමට තවත් හේතුවක් වුණේ ලංකාවේ මේ වන විට සිටින පකිස්තානු සරණාගතයෝයි. 1500කට වැඩි පකිස්තානු සරණාගතයින් පිරිසක් ලංකාවේ ඉන්නවා. ඔවුන් සංචාරකයින් ලෙස මෙරටට පැමිණි අයයි. ඔවුන් පසුව ලංකාවේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචිය ලබාගෙන තිබෙනව...