Posts

Showing posts with the label අලුත්ගම

සැබෑ සිංහලයිනි අවදිවව්!

Image
ධර්ගා නගරය ආසන්නයේ කාලවිල පිහිටි බ්‍රීෆ් නම් ප්‍රසිද්ධ උද්‍යානයේ ඇති මූර්තියක් ධර්ගා නගරයේ සිදුවීම් නිරීක්ෂණය කරන විට ඉතා පැහැදිලිව කිව හැකි දෙයක් තිබේ. එය කල් තබා සියුම් ලෙස කරන ලද සැලසුමක් සාර්ථක කර ගන්නට ජාතිවාදී උන්මත්තකයන් පිරිසක් සමත් වූ අවස්ථාවකි. මිනිස් ඝාතන රැල්ලක්, දැවැන්ත දේපල විනාශයක් හා මේ මොහොතේත් ඇවිලී යන මහා සිංහල - මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට බොදු බල සේනාව හා එය පිටුපස සිටින ජාතිවාදී බලවේගවලට හැකි වී තිබේ.  ත්‍රස්තවාදී බොදු බල සේනාව පිටුපස ආණ්ඩුවේ ඉහළම බලවේග සිටින බව ඊයේ තත්වය සන්සුන් කිරීම සඳහා අගමැතිගේ ප්‍රධානත්වයෙන් කලුතරදී පැවැත්වුණු රැස්වීමට සිද්ධියට වගකිවයුතු, හරි නම් මේ වන විට අත්අඩංගුවේ සිටිය යුතු බොදු බල සේනාකාරයන් ද සහභාගි කර ගැනීමෙන් පෙනේ.  ‍පාලකයන් මෙසේ කරන්නේ ඇයි? මේ වන විට ඔවුන් රට කාබාසිනියා කර හමාර ය. ඔවුන්ට අනාගතයක් නැත. බලය නැතිව මේ රටේ ඉන්නටත් බැරි ය. ලෝකයේ වෙන හරිහමන් රටකට යන්නටත් බැරි ය. ඒ නිසා ඔවුන් උත්සාහ කරන්නේ මේ රට කුණු කර ඒ කුණු කකා පණුවන් සේ මෙහි රැකෙන්නට ය.  ඔවුන් මේ වනසන්නේ අපේ ජාතියයි. ඔබේ ආගමයි.  පසුගිය...