පැහැදිලි අයවැය යෝජනාවලියක්
කැඩිච්ච සිංහලෙන් පැය හතරකට වඩා දිග කතාවක් අසා සිටීම කම්මැලි වැඩක් වුණත් අයවැය වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයකි අයවැය යෝජනා යනු ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගය ප්‍රකාශ කරන අවස්ථාවකි. ඒවා ක්‍රියාත්මක කරන්නටත් පුළුවන. නො කරන්නටත් පුළුවන. රජයේ අයවැය යෝජනා අතර කැපී පෙනෙන ලක්ෂණ කීපයක් තිබේ. ඒවා මෙසේ ය: අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ පාලනය සහනාධාර ක්‍රම අධෛර්ය කිරීම වාහන භාවිතය අධෛර්ය කිරීම ඍජු විදේශ ආයෝජන දිරිගැන්වීම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරිමත් කිරීම අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ පාලනය අයවැයෙන් ඇතැම් භාණ්ඩවල මිළ පාලනය කර තිබේ. ඇතැම් මිළ පාලනයන් නරක දේ නො වන බව කුකුළු මස් වැනි භාණ්ඩ සම්බන්ධයෙන් කලක සිට ක්‍රියාත්මක වන මිළ පාලනයන් දෙස් දෙයි. මිළ පාලනය හේතුවෙන් වටිනාකම එකතු කළ නිෂ්පාදන අලෙවියට ද දිරිමත් කෙරේ. උදාහරණයක් ලෙස මස් වෙළෙන්දෝ කුකුළාගේ හම ගසා හම වෙනම විකුණා, සම රහිත කුකුළු මස් වැඩි මිළකට විකුණති. චිකන් කොටස් අලෙවියක් ද තිබේ. එහෙත් වටිනාකම එකතු කිරීම මීට වඩා දෙයක් වෙනවා නම් හොඳ ය. ආප්ප, ප්ලේන් ටී වැනි භාණ්ඩවල මිළ පාලනය කරන්නට ද පසුගිය දිනවල ආණ්ඩුව මැදිහත් වූයේ ය.මිළ පාලනය යනු...