Posts

Showing posts with the label අපි වවමු-රට නගමු

අපි වවමු-රට නඟමු! බිත්තරත් රටින් ගෙන්නමු! | Sri Lanka imports eggs

Image
(2010 මාර්තු 10- W3Lanka )   විවෘත වෙළෙඳ පොළේ බිත්තරයක මිල රුපියල් දහය දක්වා පහත හෙළීමේ අරමුණින් බිත්තර ලක්‍ෂ තිහක් කඩිනමින් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව අද දිනමිණ වාර්තා කරයි. දිනෙන් දින බිත්තර මිල ඉහළ යෑමෙන් පාරිභෝගික ජනතාව විශාල අසීරුතාවකට පත්ව ඇති බවත්, එහෙයින් රජය මේ තීන්දුව ගත් බවත්, පශු සම්පත් සංවර්ධන ඇමැති සී. බී. රත්නායක අවධාරණය කර තිබේ. බිත්තරයක මිල මේ වන විට රුපියල් 16 ක්‌ පමණ වේ. මේ වන විට කුකුළු මස් මිළ ද පාලන මිළ වූ කිලෝවකට රු. 350 පසු කර ගොස් තිබේ. කුකුළු ගොවිපළ හිමියන් පවසන්නේ කුකුල් මස්‌ කිලෝවක මිලෙන් රුපියල් පනස්‌ හතක්‌ම රජයේ බදු බවයි. එසේම කුකුළ් කෑම මිල ඉහළ යැම ද මීට බලපා තිබේ. කුකුළ් පාලනය මේ වන විට බොහෝදුරට මහා පරිමාණ සමාගම් කීපයකට නතුවීම නිසා ඒකාධිකාරයක්‌ ඇතිවීම ද මීට සෘජු ලෙසම බලපා තිබේ   පසුගිය කාලයේ දේශපාලකයන් අමුඩ ගසාගෙන "අපි වවමු- රට නඟමු" යයි කියමින් සී සෑවේ දේශීය ආහාර නිෂ්පාදනය වැඩි කරන්නට ය. එහෙත්, වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන නොවැම්බර් මුල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන පෙන්නුම් කරන්නේ ආහාර ආනයනය වැඩි වී ඇති බවයි. කිර...

බිත්තර මිළ බස්සන්න "අපි බිත්තර දාමු - රට නඟමු"

Image
(2009 දෙසැම්බර් 25 -  W3Lanka )    අද නත්තල් ය. ලාංකික කිතුනුවෝ හොඳට කන බොන මිනිස්සු ය. ඔවුන් මස්, මාළු කන්නේ හොරෙන් නොවේ. කෑමෙන් පසු පශ්චාත්තාපයක් ද නැත. බීම පිළිබඳ කීමට ඇත්තේ ද එය ම ය. එහෙයින් නත්තල් සමරන්නට යහමින් කෑම බීම අවශ්‍ය ය. නත්තල් කනවා කියන්නේ ඒ නිසා ය.  රට කන දේශපාලකයන්ට නම් හැමදා ම නත්තල් ය. උන්ගේ බිල් බදු ඔස්සේ ගෙවන මහජනතාව නත්තල් කේක් ගෙඩිය හදන්නට බිත්තරයක් ගත්තේ ඉතිහාසයේ වැඩි ම මිළට ය. කුකුළු මස් හා බිත්තර හිඟ බැවින් ඒවා වහා ම ආනයනය කරන බව  පශු සම්පත් සංවර්ධන ඇමැති සී. බී. රත්නායක පවසයි.  තදියමේ කරන මේ ආනයන ඔස්සේ කුරුළු උණ රටට ඒම වැළැක්වීම සඳහා ගනු ලබන පියවර මොනවාදැයි අපි නො දනිමු.  පසුගිය කාලයේ දේශපාලකයන් අමුඩ ගසාගෙන "අපි වවමු- රට නඟමු" යයි කියමින් සී සෑවේ දේශීය ආහාර නිෂ්පාදනය වැඩි කරන්නට ය.  එහෙත්, වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන නොවැම්බර් මුල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන පෙන්නුම් කරන්නේ ආහාර ආනයනය වැඩි වී ඇති බවයි.  කිරිපිටිවලින් අධික ලෙස බදු අය කරන්නේ දේශීය කිරි ගොවියා නැංවීම සඳහා යයි ජනාධිපතිවරයා පස...

අපි වවමු - රට නගමු! ඒ වුණාට වැඩි වැඩියෙන් රටින් ගෙනත් කමු!

(2009 නොවැම්බර් 12 - W3Lanka )  අපි නගමු - රට වවමු වැඩපිළිවෙල ය‍ටතේ දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම පිළිබඳව හා පොහොර සහනාධාර සැපයීම වැනි කාර්යයන් සඳහා මහජනතාවගෙන් අධික ලෙස බදු අය කිරීම සාධාරණීකරණය කිරීමේ රජයේ කයිවාරු කෙසේ වෙතත්, ලංකාවට පිටරටින් ගෙන්වන ආහාර දුව්‍ය ප්‍රමාණය නම් වැඩි වී තිබෙන බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන ගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි.  කිරිපිටිවලින් අධික ලෙස බදු අය කරන්නේ දේශීය කිරි ගොවියා නැංවීම සඳහා යයි ජනාධිපතිවරයා පසුගියදා පැවති ජනපති ජනහමුවේදී පැවසුව ද ගිය අවුරුද්දේ රටේ කිරිපිටි අවශ්‍යතාවෙන් 90%ක් ම පිටරටින් ආනයනය කර ඇති බව බන්දුල ගුණවර්ධන පැවසීය. 2005 අවුරුද්දේ මෙම ප්‍රතිශතය 89.1%ක් විය.  2005දී රටේ අර්තාපල් අවශ්‍යතාවෙන් ආනයනය කෙරුනේ 33.%ක් පමණක් වුව ද, 2008දී සමස්ත අවශ්‍යතාවෙන් 57% ක් ම ආනයනය කර ඇත. 2005දී රටේ ලොකු ළූනු අවශ්‍යතාවෙන් ආනයනය කළේ 66.6% ක් වුව  ද 2008දී 71.9% ක් ම පිටරටින් ගෙන්වා තිබේ. 2005දී රටේ මිරිස් අවශ්‍යතාවෙන් ආනයනය කෙරුනේ 67%ක් පමණක් වුව ද 2008දී 73%ක් මආනයනය කර ති‍බේ.  මේ...