අප්‍රේල් කැරැල්ල සිදු වූ මාසය කුමක් ද? (දිවයිනේ පිළිතුර නොවැම්බර්)
ලංකාවේ පුවත්පත් කර්තෘවරුන් හා මාධ්‍යකරුවන්ට භාෂා දැනුම හා සාමාන්‍ය දැනීම නැතිකම බරපතල ප්‍රශ්නයකි. සමාජය මෙම නූගතුන් උගතුන් හා බුද්ධිමතුන් ලෙස සලකන අතර, අනාගත පරම්පරාවල ඥානය පාලනය කිරීමේ හැකියාව ද මොවුන්ට තිබේ. මෙය අතිශය කණගාටුදායක තත්වයකි. පහත වාර්තාව කියවන්න. ඉල්මහ සමරුව අද අජිත් අලහකෝන් (දිවයින) ජනතා විමුක්‌ති පෙරමුණේ ඉල්මහ සමරුව අද (05 දා) සවස 3.30 ට විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ. මෙහිදී රෝහණ විඡේවීර මහතා විසින් කළ දේශන දෙකක් ඇසුරින් සකස් කළ "වියට්‌නාම් විප්ලවය ආරක්‍ෂා කරමි" සහ "රතු ඔක්‌තෝබරයේ පාඩම්" යන පොත් දෙක එළිදැක්‌වීමද සිදුකෙරේ. ඉල්මහ විරු සමරුව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න