Posts

Showing posts with the label අනුර සේනානායක

CCTV යුගය, ලොකු අයියා, බාප්පලා හා අපි

Image
ඩිජිටල් අවකාශය තුළ අප සතු තොරතුරු ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ  සංජන හත්තොට්ටුව විසින් කරන ලද ඉතා අපූරු ඉදිරිපත් කිරීමක් සමග සම්බන්ධ වීමට ගිය සතියේ මට අවස්ථාව ලැබිණි.  තොරතුරු අස්ථානගතවීම මගේ ජීවිතයේ සාමාන්‍ය දෙයකි. අවුරුද්දේ මුල් මාස කීපයේ හැර දිනපොතක් දිගට ම ලියන්නට අසමත් මගේ තොරතුරු ඇත්තේ මගේ හිතේ හා මේ බ්ලොගේ පමණි. ඕනෑ දෙයක් ඕනෑ වෙලාවට සොයා ගන්නට බැරිකම මගේ ගෘහස්ථ කාර්යාලයේ ආදර්ශ පාඨයයි.  ඔය එස් පහ ආදී සංකල්පවලින් මොඩ් කරන්නට බැරි අප වැනි අලුගුත්තේරුවන් සිටීමෙන් මට නම් හිතෙන්නේ ලෝකයේ ජෛව විවිධත්වය වැඩි වනවා ය කියා ය. කොහොමත්, දැන් ඉතින් හැදෙන්නට එච්චර කාලයක් ද ඉතිරි වී නැති එකේ ඉතිරි ටිකත් ඔන්න ඔහොම ම ඉඳලා මැරෙන්න අධිෂ්ඨාන කරගෙන තිබේ. ඒත්, පරණ මුද්‍රිත ෆොටෝ දුර්වර්ණ වී යන විට මෙන් ම, පුංචි උන්ගේ පොඩි කාලේ ඩිජිටල් ෆොටෝ හා ලියපු කවි ආදිය අස්ථානගත වී ඇති බව දැන ගත් විට අසීමිත දුකක් හා අපේ අපිළිවෙල ගැන කලකිරීමක් ද ඇති වේ. ඒත් ඉතින් ඒවා ඉතිරි වී තිබුණත් ඉතින් කවුරුවත් අපි ගැන කටුගෙවල් හදන එකක්යැ කියා ගිය ‍දේ ගියාවේ කියා අමතක කර දමන්න ද බැරිකමක් නැත. සමහරු තමන් ල...

ගසව් ගසව් කැරළි ගසව් - තම්බි රටෙන් එළවපියව් - ගව මස් කඩ වසාපියව්

Image
මේ ඡායාරූපයේ තොප්පි පැළඳ සි‍ටින උපශාන්ත මුහුණු ඇති පුද්ගලයෝ  පූජ්‍ය පක්ෂයට අයත් නොවේ.  ගව ඝාතනය නවත්වන්නැයි ඉල්ලමින් සිරුරට ගිනි තබාගෙන මිය ගිය බෝවත්තේ ඉන්ද්‍රරත්න හිමියන්ගේ දේහය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් අරලියගහ මන්දිරය දක්වා පෙළපාලි ගිය හා මස් කඩ කැඩූ බව කියන සිංහල රාවය සංවිධානයේ පෙළපාලියේදී මෙම සටන් පාඨ කියවෙන ආකාරය අසන්නට ලැබේ. මෙම වීඩියෝවේ රැස්වීමක් අමතන සිංහල රාවයේ අක්මීමන දයාරත්න හිමි රට පුරා අන්‍යාගමික ස්ථාන, පල්ලි, කල්ලි, යාඥා මධ්‍යස්ථාන, නීත්‍යානුකූල නො වන ස්ථාන ආදිය  ඉවත් කරන බවට ද, මස් කඩ ඉතිරි නො කරන බවට ද ශපථ කරයි. කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ද හොඳ පදවියක් දෙයි. ඉන්ද්‍රරත්න හිමියන්ගේ මළ සිරුර ඔස්සේ අවදි කර ගන්නට යන 'ආගමික ප්‍රබෝධයට' ඉලක්කයක් නැති බව මේ වීඩියෝව දෙස් දෙයි. එය ගව ඝාතනය, මස් කඩ, හලාල්, මුස්ලිම් ජනයා,ඉවැන්ජලික ක්‍රිස්තියානි නිකායන්, පල්ලි පමණක් නොව පොලිසිය, බුද්ධි අංශ ආදියට ද එරෙහිව නන් දොඩවමින් අයාලේ යයි. එහෙත්, කිසිවෙක් ආණ්ඩුවට එරෙහිව වචනයක් නො දොඩති. පොලිසියට එරෙහිව යම් යම් දේ කීමෙන් පසුව ඒ වචන සම්බන්ධයෙන...