Posts

Showing posts with the label අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලh

අලූත් ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනයාගේ ඉරණම - ද්වාරකාට සිරගෙදර - කරුණලාට ඇමැතිකම්

Image
අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් පේ‍්‍රමරත්න (උපුටා ගැනීම ලංකා පුවත්පතෙනි) - දිනය පසුගිය බ‍්‍රහස්පතින්දාය වේලාව හරියටම සවස දෙක පසුවී විනාඩි 5කි. ද්වාරකා කඩිනමින් භූගෝල විද්‍යා දේශන ශාලාවෙන් පිටතට පැමිණියේ ඊළඟ දේශනයට සහභාගී විමට යෑමේ අපේක්ෂාවෙනි.   "ඒයි ඔහොම නවතිනවා"   කාලෙකින් නෑසුණු විධානයක් එකවරම ද්වාරකාගේ පිටුපසින් ඇසුණි.   "එනවා යන්න අපි එක්ක"   අනුකම්පා විරහිත දෙවන විධානයත් නැගුණා. ඊළඟ මොහොතේ ද්වාරකා  හිටියේ ඒ විධානය දුන් පිරිස පැමිණි ජීප් රථයේ. එය කළු දුමාරයක් විතරක් ඉතිරි කරලා වේගයෙන් කොළඹ දෙසට ඉගිළ ගියා.   මේ අසුන්දර සිදුවීම සිද්ධ වුණේ සුන්දර පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේදී. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රපීඨයේ දෙවන වසර ශිෂ්‍යාවක් මේ අයුරින් හදිසියේ පැහැරගෙන යාම පිළිබඳව සිසුහු බොහෝ කලබල වූහ.   වහාම උපකුලපතිවරයා හමුවීමට ගොස් මේ පිළිබඳ විමසුවද ඵලක් නොවූයේ ඔහු මේ පිළිබඳව කිසිවකුත් නොදත් නිසාය. නියෝජ්‍ය උපකුලපතිවරයා හා විනය පාලකවරයාගේද තත්වය එසේම විය. පසුව සිසුහු පේරාදෙණිය පොලිසියට ගියහ. ඔවුන් පැවැසුවේ " TID " ය හ...