Posts

Showing posts with the label අගුලාදල්ලේ ජිනානන්ද

කැරලිකරුවන්ට මානව හිමිකම් නැද්ද?

Image
ඊයේ කොළඹ සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවති අතුරුදහන් වූවන්ගේ පවුල් සාමාජිකයන්ගේ රැස්වීම කඩාකප්පල් කිරීමට පැමිණි අයුතු ජනරාශියට නායකත්වය දුන් අගුලාදල්ලේ ජිනානන්ද භික්ෂුව පවසන්නේ මරා දැමුණ දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් අතුරුදහන් පුද්ගලයන් හැටියට සැලකිය නොහැකි බවයි. මෙම තර්කය අනුව ගි‍යහොත් 1989 කැරැල්ලේදී ජවිපෙ සාමාජිකයන් කියමින් මරා දමන ලද භික්ෂූන් ඇතුළු සිංහල පුද්ගලයන් ද අතුරුදහන් වූවන් යයි සැලකිය නො හැකි ය. මෙම තර්කය වැරදි ය. නීති විරෝධී ය. ස්වාභාවික යුක්ති ධර්මයට පටහැණි ය. මානව විරෝධී ය. බුදු දහමට නම් කොහෙත් ම ගැලපෙන්නේ නැත. එහෙත් මෙවැනි භික්ෂූන් අදහන්නේ බුදුන්ගේ බුදු දහම නො වන නිසා ඒ ගැන කතා කර වැඩක් නැත.  මේ තර්කය අතිශය භයානක ය. එය පිළිගතහොත් අනාගත ආණ්ඩුවක් විසින් මේ භික්ෂූන් ද අතුරුදහන් කර මෙවැනි ම තර්කයක් මතු කරන්නට ඉඩ තිබේ.  තමන්ට ඕනෑ අන්දමින් මිනිසුන් මරා දමා ඉන් පසු ඔවුන් කැරැලිකරුවන් නිසා මරා දැමුවා යයි කියන්නට බැරි ය. එක පැත්තකින් මේ මරා දමන ලද මිනිසුන් කැරැලිකරුවන් යයි කිසිදු ආකාරයකට ඔප්පු කර නැත. ඔවුන් මරා දැමුව බවවත් පිළි ගෙන නැත.  ලෝක ඉතිහාසය යනු...