Posts

Showing posts from 2022

බිල්ලන් මවා රැවටෙන රතු කමිස දේශපාලනය

Image
සී ජේ අමරතුංග ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධාකාර බිල්ලන් මැවීම මේ මොහොතේ ජයට ම සිදුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ‘රටේ ජාතික ආරක්ෂාවට, ස්වෛරීභාවයට තර්ජන එල්ල වන්නේය’ කීමේ සිට කොළඹට ජලය නැති වීම, කෘෂිකර්මයට ජලය නැති වීම, විදේශ විනිමය රටට ලැබෙනවාට වඩා පිටට ගලායාම ආදී මෙකී, නොකී ආකාරයෙන් මෙම බිල්ලන් මැවීම සිදුවෙමින් පවතියි. මෙම විවිධාකාර බිල්ලන් පිළිබදව කතා කිරීම හෝ ඒවායේ බොළඳ බව පෙන්වා දීම හෝ මෙම ලිපියේ අරමුණ නොවේ. ඒ වෙනුවට මෙම කෙටි ලිපිය මගින් පෙන්වා දෙන්නට උත්සහ දරන්නේ අතීතයේ සිට මෙරට ජනතාවට මෙබඳු බිල්ලන් මැවීමේ දේශපාලන ඉතිහාසය කෙටියෙන් මතක් කර දීමත්, බිල්ලන් මැවීම දේශපාලන අවියක් ලෙස භාවිතා වන ආකාරය ගැන පෙන්වා දීමත් ය. බොහෝ විට බිල්ලන් මැවීම සිදු වී ඇත්තේ රටට අලුත් දේ හඳුන්වා දීමට එරෙහිව  බව පෙනෙන්නට තිබේ. එනම් , බොහෝ විට, නව සංවර්ධන කටයුතුවලදී ය. මෙරට දුම්රිය මාර්ග ඉදිකොට සංවර්ධනය කරන්නට යන විට එයට විරෝධතා එල්ල වූ බව කියති. දුම්රිය මාර්ග මගින් ගම දෙකට බෙදීම, භයානක වාහනයකින් ඇතිවන අනතුරු ආදී වශයෙන් එම විරෝධතා එල්ල වූ බව වාර්තා වී ඇත. තවත් එබඳු බිල්ලන් මැවීමක් සිදුව ඇත්තේ ගොවි ජ

බලය ලබාගැනීම දිහා නෙමෙයි, එතනින් එහා තියෙන රට පාලනය කිරීම ගැන හිතන්න

Image
  අජිත් පැරකුම් ජයසිංහ ප්‍රජාතන්ත්‍රවාදය හොඳ ප්‍රමිතියක්. අපි හැම තිස්සෙම ඒ ප්‍රමිතිය සමග දේශපාලනය හා ජීවිතය සන්සන්දනය කරගන්නට ඕනැ. පළාත් පාලන ආයතන කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට උපයෝගී කරගත හැකි, එහෙත්, දැනට නම් වැඩකට නැති නාස්තිකාර ව්‍යූහයක්. ඒවාට පත්වී සිටින බහුතරය මන්ත්‍රීලාගේ දූෂිත අතවැසියන්. පළාත් පාලනය එහෙම විය යුතු නැහැ. එය වෙනස් කරන්නට ඕනැ. ගම් මට්ටමේ ප්‍රභූන්ට, ජනතා නායකයන්ට මහජන නියෝජිතයන් බවට පත්වීමට හැකි ක්‍රමයක් ගොඩනගන්නට ඕනැ. මේ වෙලාවෙ තදියමේ පළාත් පාලන මැතිවරණ පවත්වන්නට තරම් පළාත් පාලන සභාවල ඇති වැදගත්කමක් නැහැ. ඒ නිසා පළාත් පාලන මැතිවරණ කල්දැමීමේ කිසි වරදක් නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජානයක් නෙමෙයි. හේතුව, පවතින පළාත් පාලන මැතිවරණ ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නට ලැබිලා තියෙන්නෙ අවම දායකත්වයක්. ඔය පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාවේ සිටම ප්‍රමාණය අඩුකරලා, ගුණය වැඩිකරන්නට වැඩකරන්නටයි අවශ්‍ය. මේ වෙලාවේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වූවොත් විය හැකි දේවල් මං හිතන විදියට මෙහෙමයි. පවත්නා පාලනය වැඩකරන්නෙ දුෂ්කර තත්වයක. ඔවුන්ට තියුණු අභියෝග රැසකට මුහුණදෙන්නට ස

සාපරාධී අපහාස නීතිය යළි ගෙනා යුතුද?

Image
ආසන්න දින දෙකක ආශු මාරසිංහට හා අනුප පස්කුවල්ට එල්ල වූ ප්‍රහාර දෙකම මං සමීපව අධ්‍යයනය කළා. අනුප සහභාගී වූ රැස්වීමට සහභාගී වූ අය සමගත් කතා කළා. එහිදී කිසිදු ප්‍රමාදයක් සිදුවී නැහැ. කොරියානු ජාතිකයාගේ ඉදිරිපත් කිරීමේ තිබුණු කොටසක් අල්ලාගෙන තමයි ඩේලි මිරර් ප්‍රවෘත්තියක් ප්‍රබන්ධ කළේ. අනුප ප්‍රමාද වූ නිසා කොරියානුවා ඔහුට දෙහි කැපුවා කියන එකයි කියවුණේ. ඒත්, එය කතාවේ තිබුණු උදාහරණයක් පමණයි. ආශුගේ සිද්ධිය ගැන මං කලිනුත් ලිව්වා. ආශු සම්බන්ධ වීඩියෝව ලබාගෙන ඇත්තේ අදාළ කාන්තාව බවත්, එහි ඇගේ කටහඩ මකාදමා ඇති බවත් දැනගන්නට ලැබුණා. යම්කිසි වෙලාවක දෙන්නා විහිළුවට කළ දෙයක වීඩියෝවක් පසුව දුෂ්ට අරමුණකින් භාවිතා කිරීමක් ලෙසයි මා දකින්නේ. එය අතිශය පෞද්ගලික දෙයක්. එය තනිකර සමගි ජන බලවේගයේ හිරුනිකාගේ මෙහෙයවීමෙන් සිදුවුණ දෙයක්. සජිත් ප්‍රේමදාස වගකිව යුතු කාරණයක්. ආශුට එරෙහිව සමගි ජන බලවේගයේ පුවත්පත් සාකච්ඡාවෙදි ආදර්ශා කරඳන මෛත්‍රී වික්‍රමසිංහ හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක හමුවීමට උත්සාහ කළ බව කියනවා. එහෙම හමුවෙන්නට කිසිම අවශ්‍යතාවක් නැහැ. 2005 ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත කියවලා බලන්න. ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව

ප්‍රභූ දේශපාලනයට සජිත් ප්‍රේමදාසගේ බලුගූ ප්‍රහාරය

Image
  අජිත් පැරකුම් ජයසිංහ මීට වසර කීපයකට පෙර, සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස විසින් බැංකුවක තැන්පත් කිරීමට ගෙන ආ මුදල් තොගයක් තුළ තිබී අති විශාල හොර නෝට්ටු සංඛ්‍යාවක් හසු විය. ඒ සම්බන්ධයෙන් දුලාංජලීගේ පැත්තෙන් තියෙන කතාව මෙසේය: දුලාංජලීට ණය වී සිටි ඇය යටතේ සේවය කළ අයෙකු ඇය මුදල් ඉල්ලන නිසා තාවකාලිකව ඇය රැවටීමට එම මුදල් ගෙනැවිත් දී තිබුණේ ඇය එය පරීක්ෂා නොකර වහාම බැංකුවට රැගෙනගොස් තැන්පත් නොකරනු ඇතැයි සිතාය. එහෙත්, ඇය බැංකුවට යාම නිසා සිද්ධිය හෙළිදරව් විය. කුමන තත්වයක් යටතේ හෝ බැංකුවට හොරසල්ලි රැගෙන ආවේ දුලාංජලී බැවින් ඇය අත්අඩංගුවට ගත යුතුව තිබිණි. එහෙත්, ඒ වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ වූ රජය මැදිහත් වී සිද්ධිය යටපපත් කළේය. හිටපු ජනාධිපතිවරයකුගේ දියණියක එවැනි වංචනික ක්‍රියාවකට ඒ අයුරින් පැටලීම මහින්ද රාජපක්ෂ අනුමත කළේ නැත. විමල් වීරවංශගේ ව්‍යාජ පාස්පෝට් සිද්ධියේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ විමල් වීරවංශට ද එවැනි සහායක් ලබාදුන්නේය. ලංකාවේ ප්‍රභූ දේශපාලනයේ හැටි එහෙමය. ප්‍රභූවරු තමන්ගේ එකා යයි කියා සිතන පුද්ගලයා හැකි තරම් දුරට ආරක්ෂා කරති. ලංකාවේ ප්‍රභූ සමාජයේ බොහෝ

පළාත් පාලන මැතිවරණ හා ප්‍රතිවිප්ලවය

Image
  මහජන ප්‍රශ්න විසඳන්න මොන ආණ්ඩු තිබුණත් ගත හැකි ක්‍රියාමාර්ග තමයි දැන් බලයෙ ඉන්න ආණ්ඩුවත් කරමින් ඉන්නෙ. කවුරු බලයට ආවත් ඔය ටික තමයි කරන්න වෙන්නෙ. වෙන වැඩක් නොකර දේශපාලන රැස්වීම් කර කර, කයිවාරු ගහ ගහ ඉන්න බල පෙරේතයන් බලය ගත්තොත් ඔය ටිකවත් කරන්න පුළුවන් වෙයිද සැක සහිතයි. මේ අර්බුදයෙන් ගොඩඑන්න වැඩකරන්න ඕනැ. අරගල කරල වැඩක් නැහැ. අරගල උත්කර්ෂයට නගන අයට බලය ගත්තත් අරගලකාරයන්ගෙන් පරිප්පු කන්න තමයි වෙන්නෙ. අපි ප්‍රවර්ධනය කරන්නෙ කඩාකප්පල්කාරීත්වය නෙමෙයි. විප්ලවය. මේ සිදුවෙන්නෙ ක්‍රම වෙනසක්. ඒක කරන්නෙ කවුරුද කියන එක වැදගත් නැහැ. විප්ලව වකවානුවලදි සාමාන්‍ය කාලවල තියෙන මැතිවරණ අරව මේව ඒ විදියටම තියන්න බැරිවෙනවා. උදාහරණෙකට රජයට සල්ලි නැති මේ වෙලාවෙ රුපියල් බිලියන දහයක් විතර රාජකාරි, ප්‍රචාරය ආදියට වියදම් කරන, රටේ ජන ජීවිතයට බාධාකාරී පළාත් පාලන මැතිවරණයක් මොන මගුලටද? පළාත් පාලන මන්ත්‍රීවරුන් 8,000ක් පත්කරගත්තාය කියලා රටට වැඩක් තියෙනවද? මේ කරන වැඩ ඉදිරියට ගෙන ගිහින් 2024දි මැතිවරණ පවත්වන එක තමයි වඩා නිවැරදි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ අනිවාර්ය දෙයක් නෙමෙයි. මේ රටේ මේ වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක්

කපුටු කාක් කාක් කාක් කාක් – සජිත් සජිත් සජිත් සජිත්

Image
  අජිත් පැරකුම් ජයසිංහ මේ ලිපියේ අමුණා තිබෙන නිව්ස් හෙවත් ගොසිප් තුන එක ළඟ මෙහෙම මෙහෙම තියෙනවා දැක්කා. විදුලි ඉංජිනේරු මාෆියාව පැය දහයක විදුලි කප්පාදුවක් සෙට් කරන්නෙ සජිත්ගෙ වැඩසටහන ඉදිරියට ගන්නට වෙන්න පුළුවන්. අරගලකරුවන්ට තියෙනවා අවස්ථාව සජිත්ට සහයෝගයක් දෙන්න. ඇමරිකාව කොතන ඉන්නවද තවම පැහැදිලි නැහැ. කෙසේ වෙතත්, යූඑස්ඒඩ් ඔයගොල්ලන්ව තනිකරන එකක් නැහැ. නැතත්, රට පුරා චෛත්‍ය හැදීමේ බලාපොරොත්තුවෙන් රට පුරා බස් බෙද බෙදා යන සජිත් ප්‍රේමදාසට අරගලය වෙනුවෙන් වියදම් කරන්නට සල්ලි නැතිවෙන්නට විදියක් නැහැ. බස් එක ගේට්ටුවෙන් ගත්ත විදිය අනුව රටත් ගොඩගන්න සජිත්ට පුළුවන්ය කියලා හර්ෂ ද සිල්වා කොන්දොස්තර මහතා කියන්නෙ එතුමාටත් රට හදන්න ලොකු ආසාවක් තියෙන නිසා. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ රට හදන්නෙ සජබද, ජවිපෙද කියන කාරණේ. පළාත් පාලන මැතිවරණයක් තිබ්බොත් බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් දිනන්නෙ සමගි ජන බලවේගය වෙන්නට පුළුවන්. ජාතික ජන බලවේගයට සුපුරුදු විදියට එක පළාත් පාලන ආයතනයක්වත් දිනාගන්නට බැරිවුණොත්, ඒගොල්ලන්ගෙ බලකාමයේ මේ චැප්ටර් එක එතනින් ක්ලෝස්ට්. පළාත් පාලන ඡන්දෙ දිනුවට පස්සෙ සජිත්ට පාර්ලිමේන්තුවත් විසුරුවන්න

ගෝඨාභය ඇමරිකන් මකරාගෙ චිත්‍රය මැකුවා මතකද?

Image
  අජිත් පැරකුම් ජයසිංහ මේ බිත්ති චිත්‍රය මතකද? ඒක තිබුණෙ කොතැනද කියල මට මතක නැහැ. මේ චිත්‍රය ඇන්දෙ ගෝඨාභය බලයට ආපු වෙලාවෙ චිත්‍ර අඳින රැල්ල මැද. අනෙක් චිත්‍ර මැකුවෙ නැහැ. මේක මැකුවා. අවුරුදු තුනකට පස්සෙ කල්පනා කරල බලන්න (අන්‍රයියා කියනවා වගේ) මොකක්ද වුණේ කියලා. ඇමරිකාව සිංහල-බෞද්ධ-ගොවිගම බලය බින්දා. ඒකට රාජපක්ෂ පවුලේ කෙනෙකුම පාවිච්චි කළා. හැබැයි, තවම වැඩේ ඉවර නැහැ, සජිත්-ගුනරත්නම්-සුමන්තිරන්-හකීම්-කාදිනල්-සෝභිත-පීරිස් හා තවත් නම් සහිත ‘අරගල’ සන්ධානෙ පසුබැස්සට ආයෙ එනවා කියල නිතර තර්ජනය කරන්නෙ කාගෙ හයියෙන්ද? කල්පනා කරල බලන්න. රාජපක්ෂ බලය බින්දට සිංහල-බෞද්ධ-ගොවිගම බලය බිඳින්න යන එක අවදානම් සහගතයි. හේතුව, ඒ මේ රටේ 60%කට කිට්ටු බහුතර ප්‍රජාව. මොන ගැටලු තිබුණත්, වර්තමාන ශ්‍රී ලංකාව ගොඩනැගුවෙ, රැකගත්තෙ ඒ ප්‍රජාව. ඒ බලය බිඳින්න තරම් ඒක ප්‍රතිගාමී නැහැ. ඒ ප්‍රජාවට අයිති නැති අයට ලංකාවෙ ජනාධිපති වෙන්න පවා අවස්ථාව ලැබුණා. හීනමාන අතහැරලා සියලුදෙනා ඇතුළත් කරගන්නා ලංකාවක් ගොඩනගමු. අපි වැඩකරන්නෙ ඒ වෙනුවෙන්. අපට බණින අය බණින්නෙ ඔය හේතුව නිසා. සිංහල-බෞද්ධ-ගොවිගම ආධිපත්‍යයට විකල්පය ඒකයි. එහෙම නැතුව ඊනිය

මත්ද්‍රව්‍ය ජාවාරමට නොමිලේ කඩේ යන ඊනියා ප්‍රගතිශීලියෝ

Image
  අජිත් පැරකුම් ජයසිංහ යථාර්ථය ගැන සරල ඒකාකෘතික මත නිර්මාණය කරල තිබ්බාම ඇත්ත යටපත් කරන්න ලේසියි. උදාහරණයක් විදියට ලංකාවෙ ඕනැ දේකට තඩිබාන මුවහම තමයි දේශපාලකයා. දේශපාලකයන් තරමටම හෝ ඊටත් වඩා රාජ්‍ය නිලධාරීන් දූෂිත බව පෙන්වන්නට අපට අවුරුදු දහයක් විතර කැම්පේන් කරන්නට සිදුවුණා. මවල තිබුණු අර්ධ සත්‍යය මැදින් යථාර්ථය තේරුම් ගන්නකොට රාජ්‍යය කඩාවැටිල ඉවරයි. මගේ දේශපාලන භූමිකාව ඔය ජනප්‍රිය අදහස් ප්‍රශ්න කරන එක. මේක මං දශක ගණනාවක් තිස්සෙ කරනවා. මං කවදාවත් ජනප්‍රිය නැත්තෙ ඒකයි. මගේ දේශපාලන භූමිකාවෙන් වෙන්නෙ ඔබේ සුවපහසු ලෝකය (comfort zone) අවුල් වෙන එක. ඒක නිසායි ඔබ හැමදාමත් මට වෛර කරන්නෙ. මාව ෆලෝ කරන අය කල්පනා කරලා බලන්න. අවුරුදු දහයකට කලිනුත් ඔබ මට බැනලා ඇති, මේ විදියටම. අයිස් බරපතල ප්‍රශ්නයක්. ඒකට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න ඕනැ. විශේෂයෙන්ම පාසල් ළමයින් එයට ගොදුරු වෙන එක සම්බන්ධයෙන් පියවර ගන්නට ඕනැ. ඒ සඳහා ගත් ඇතැම් පියවරවලට එරෙහිව ඊනියා ප්‍රගතිශීලීන් ඊයේ දැවැන්ත විරෝධයක් සමාජ මාධ්‍ය හරහා පළකරනවා දකින්නට ලැබුණා. ඔවුන්ගේ ප්‍රධාන තර්කයක් තමයි අයිස් ගෙනෙන්නේ දේශපාලකයන් බව. ඒ වුණාට ඒ මොන දේශපාලකයද කියලා

ජාතික සම්පත් ගොඩනගන්න ජාතික විපත් විකුණමු

Image
සී.ජේ. අමරතුංග, 2022-12-27 අනිද්දා පුවත්පතේ සමබිම අතිරේකයෙනි ජාතික සම්පත් විකිණීමට විරුද්ධ වීම දැන් ජනප්‍රියත්වයෙන් හීනවෙමින් පවතින සටන්පාඨයකි. එයට හේතුව නම් ජාතික සම්පත් ලෙස ඇතැම් පිරිස් හඳුන්වන රාජ්‍ය ආයතන බොහොමයක් ඇත්ත වශයෙන් ම ජාතික විපත් බව තහවුරු වී තිබීම යි. එබඳු ආයතන විකුණා දැම්මත් දැන් එතරම් මහජන විරෝධයක් මතුවන්නේ නැත. ඇතැම් විට එම ආයතනවල සේවකයින්ට  පවා දැන් මෙම යථාර්ථය තේරුම් ගොස් ඇති බව පෙනෙන්නට තිබේ. පසුගිය කාලයේ මෙම ආයතන රැක ගැනීමට කියමින් විශාල මාධ්‍ය ප්‍රචාර සමග කැඳවන ලද සටන්වලට එම ආයතනවල සේවකයෝ බහුතරයක් සහභාගී නොවුහ. ඛනිජ තෙල් වෙළෙඳාමේ රාජ්‍ය ඒකාධිකාරය අහෝසි කිරීමට ඉදිරිපත් කළ පනත සම්මත කරන දින කැඳවා තිබු තෙල් සංස්ථා සේවක වැඩ වර්ජනය එදින දහවල් වනවිට අත් හැර දමන ලද්දේ සේවකයින් බහුතරය එයට සහභාගී නොවීම හේතුවෙන් බව රහසක් නොවේ. මෙම විරෝධතා දැන් තරමක් වෙනස් ලෙස ද ඉදිරිපත් කරනු දක්නට ලැබෙයි. පාඩු ලබන ආයතන විකිණීම සාධාරණ නමුත් ලාභ ලබන ආයතන විකිණීම වැරදිය යන තර්කය ඉන් එකකි. තවත් තර්කයක් නම් මේවා පාඩු ලබන්නේ දේශපාලඥයින්ගේ දුෂණ නිසා බවයි. එමෙන් ම සුදුසු ,දක්ෂ කළමනාකරුවන් වෙනුවට අද

මේ ගෙවෙන කාලය අපායේ ඉන්ටර්වල් එක වගේ

Image
  පිලිප් දිසානායක මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය ලොවට හදුන්වා දී 2022 දෙසැම්බර් 10දාට වසර 74 ක් සපිරෙනවා. මෙම විශ්ව ප්‍රකාශනයට ලංකාව අත්සන තබන ලද්දේ 1965 වර්ෂයේදීයි. ඉන් පසුව එම විශ්ව ප්‍රකාශනයේ සඳහන් සමහර කොටස් මූලික අයිතිවාසිකම් ලෙස  අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ඇතුළත් වී තිඛෙනවා. නමුත් අපට දශක ගණනාවක් ගියත් මෙම විශ්ව ප්‍රකාශනයේ සදහන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධ මූලධාර්මික කාරණා තවමත් විසඳා ගැනීමට නොහැකි වී තිඛෙනවා. ජාතික සමගිය ඇති කරගන්න බැරිව අප දශක තුනක් තිස්සේ විශාල යුද්ධකට පැටලුණා. කැරැලි කෝලහල, යුද්ධවලින් මියගිය පිරිස ගැන අපට තවමත් නිවැරදි සංඛ්‍යාලේඛනවත් නැහැ. ඒ නිසා අප අද 74වන මානව හිමිකම් දිනය සමරන්නේ ලංකාවේ පුරවැසියන්ගේ  මූලීක ප්‍රශ්නවත් විසඳා ගත නොහැකි ජාතිකයක් ලෙසයි. 2019දී බලයට පත්වූ ආණ්ඩුව ප්‍රකාශ කළේ ලංකාව දකුණු ආසියාවේ ආශ්චර්යය කරා ගෙනයන බවයි. ඔවුන් ප්‍රකාශ කළ පරිදි දැන් අපට ඒ ආශ්චර්යය උදා වී තිඛෙනවාද? මේ මොහොත වන විට, ඉන්ධන, විදුලිය, ගෑස් අවම වශයෙන් හෝ පරිහෝජනයට ඇති නිසා සමහරු රට යම්කිසි ස්ථාවර තත්වයකට පැමිණ ඇතැයි සිතන්නට හැකි නමුත් යථාර්ථය තිඛෙන්නේ ඉන් ඈතින්

පච වපුරා ‘සමාජවාදය’ නෙළාගත නොහැකි ය

Image
සී ජේ අමරතුංග මෙරට ආර්ථිකය අද තිබෙන්නේ ඉතාමත් භයානක අර්බුදයක බවට විවාදයක් නැත. දැන් තිබෙන්නේ අර්බුදයෙන් ගොඩ එන මං සොයාගෙන ඒ අනුව කටයුතු කිරීමට ය. ඒ සඳහා සත්‍යය සොයාගත යුතු ය. එලෙස සත්‍යය සෙවීමට ප්‍රධාන බාධකයක් වී තිබෙන්නේ අර්බුදය තුළ තම දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාවට නැගීමට කැස කවන උදවිය විවිධාකාර අසත්‍ය තොරතුරු සහ විකෘති කිරීම් සමාජගත කරමින් සිටීම ය. දැන් ඇතිව තිබෙන අර්බුදය බරපතළ ය. එයට අතීතයේ ගත් වැරදි දේශපාලන ආර්ථික ක්‍රියාමාර්ග හේතු වූ බවට ද සැකයක් නැත. නමුත් ඒ නිසා අතීතයේ සියලු දේ වැරදියි කියමින් බැන වැදීමෙන් පලක් නැත. අවශ්‍ය වන්නේ සිදු වූ සහ නොවූ දේ ගැන තුලනාත්මක විග්‍රහයකි. ඒ වෙනුවට පදනම් විරහිත අසත්‍ය විවේචන කිරීමෙන් ප්‍රශ්න හඳුනාගත හැකි වන්නේ නැත. විසඳුමක් ලැබෙනේ ද නැත. මෙලෙස පදනම් විරහිත එක් විවේචනයක් නම් මේ සියල්ල 1977 ආරම්භ කළ විවෘත ආර්ථිකයේ ප්‍රතිඵල බව යි. වාමාංශික ලෙස පෙනී සිටින කණ්ඩායම් එය කියන්නේ 77 ට පෙර සමාජවාදී ලෙස හඳුන්වමින්  ක්‍රියාත්මක රාජ්‍ය ධනවාදය කෙරෙහි ප්‍රේමයක් ඔවුන් තළල ඇති හෙයින් බව පැහැදිලි ය. 77 දී ආර්ථිකය විවෘත කිරීමට පහර ගහන්නේ යළි සංවෘත සහ සමාජවාදී ලෙස

ඇපල් ඉල්ලන විශ්වවිද්‍යාල ආචාර්යවරු

Image
  අජිත් පැරකුම් ජයසිංහ මේ වෙනකොට සමාජ මාධ්‍යවල අහන්න ලැබෙන අඳෝනා වැඩි හරියක් සිදුවෙමින් තිබෙන පරිවර්තනයේ වේදනාකාරී ප්‍රතිඵල. පරිවර්තනය හමුවේ ගතානුගතික මිනිස්සු පැරණි තත්වය අපට දියව් කියලා අඬාවැටෙනවා. ඒ අයට නායකත්වය දෙන්නෙ වාමාංශිකයන්. ඒ අය අතර ඉන්න කවියන් වගේ අය අහිමි වූ ජීවිතය ගැන රොමැන්තික විදියට කවි කතා ලියනවා. මිනිසුන් කුපිත කරන්නට තමයි උත්සාහ කරන්නෙ. හැබැයි, තිබුණු ජීවිතේ ආපහු ලබාගන්න ක්‍රමයක් නැහැ. වාමාංශිකයන් බලය ගත්තත් ඒක එහෙමම තමයි. ඒකට හේතුව තමයි ඒ ජීවිතයට පදනම් වුණ තත්වය වෙනස් වෙලා. පදනම වෙනස් වුණාම පැරණි තත්වය තවදුරටත් පවත්වාගෙන යන්න බැහැ. අලුත් වෙන්නම වෙනවා. මුලින් බැහැ කියලා අඬාවැටුණට පස්සෙ ඒ තත්වය භාරගන්නවා. විප්ලවය වෙන්නෙ එහෙමයි. ඒක උදාහරණයකින් පැහැදිලි කරන්නම්. අපි පොඩි කාලෙ, ඒ කියන්නෙ හැත්තෑව දශකයේ අපට ඇපල් කන්න ලැබුණෙම නැහැ. අපි කෑවෙ කෙසෙල්, අඹ, රඹුටන්, ජම්බු, පේර, වැල, වරකා වගේ දේශීය පලතුරු. පස්සෙ ආර්ථිකය විවෘත වුණා. ඇපල් ආනයනය කළා. මිලත් අඩුයි. අපි ඇපල් කන්න පුරුදු වුණා. ඇපල් රසයි. කන්නත් ලේසියි. ගත්ත ගමන් මුළු ගෙඩියම කන්න පුළුවන්. ඇපල් කන්න ඩොලර් ඕනැ. උපයන ඩොලර් ම

ස්පාටකස් හා ගොඩයමු සංවාදයෙන් පසු

Image
  අජිත් පැරකුම් ජයසිංහ ‘ස්පාටකස්’ කණ්ඩායම සහ ‘ගොඩයමු’ කණ්ඩායම අතර දෙසැම්බර් 7දා සූම් මගින් පැවැත්වුණු දීර්ඝ, ප්‍රසිද්ධ දේශපාලන සංවාදය අවසාන වශයෙන් ගත්තාම ඵලදායී එකක් ලෙසයි එහි ‘ගොඩයමු’ පැත්තෙන් සංවාදයට සහභාගී වූ කෙනෙකු ලෙස මම දකින්නෙ. ස්පාටකස් කණ්ඩායම ගැන මහින්ද පතිරණ කියූ කාරණාවට මාත් එකඟයි. ස්පාටකස්ලා කරන්නේ අධිපති මතවාද ප්‍රශ්න කිරීම. විසඳුම් යෝජනා කිරීමක් නැති බවයි කියන්නෙ. ඒ වුණාට ඒ ප්‍රශ්න කිරීම දයලෙක්තික නැහැ. එයට හේතුව, ඔවුන් ප්‍රශ්න කරන්නෙ ඔවුන්ගේ අප්‍රකාශිත සම්මුතියකට සාපේක්ෂව. ඔවුන්ගේ සදා නිමකළ ලෝක දැක්මක් හිස් මුදුනෙ තියාගෙන තමයි අනෙක් අදහස් ප්‍රශ්න කරන්නෙ. තමන්ගෙ අදහස් පද්ධතිය ප්‍රශ්න කරන්න දෙයක් නැහැ, ඒක සත්‍යය කියල හිතාගෙන ඉන්නෙ. ඒ සම්මුතිය ඇතුළෙ විසඳුම් යෝජනාත් වියුක්තව තිබෙනවා. උදාහරණයක් විදියට ස්පාටකස් කණ්ඩායමේ මාධව රුවන්පතිරණ කියනවා “හැමෝම එකතු වෙලා විසඳුමක් යෝජනා කළ යුතුයි” කියලා. ඒක කවදාවත් නොවෙන දෙයක්. කවුද මේ හැමෝම කියන්නෙ? කොහොමද හැමෝම එකතු වෙලා විසඳුමක් යෝජනා කරන්නෙ? ප්‍රායෝගිකව මෙය කරන්න බැහැ. එතනදි තමයි බල දේශපාලනය අදාළ වෙන්නෙ. ඉතිහාසයේ රාජ්‍ය බලය සලකුණු වෙන්

ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහි බොරු තර්ක

Image
  සී ජේ අමරතුංග අද මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡාව බොහෝ දුරට සිදුවන්නේ ප්‍රායෝගික වශයෙන් හඳුනාගත් ප්‍රශ්න සහ ඒවාට පිළියම් යෝජනා ආකාරයෙනි. එමෙන් ම අනෙක් අතින් සාකච්ඡාවට ලක්ව ඇත්තේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ බෙදීයාමේ පවතින විෂමතා අවම කිරීම සහ වත්මන් අර්බුදය තුළ විශාල ලෙස පීඩාවට ලක්වන අඩු ආදායම් ලබන ජන කොටස් සඳහා ආරක්ෂණ ජාලයක් පිළිබඳව ය. මෙම ප්‍රශ්න පිලිබඳ ප්‍රායෝගික මට්ටමේ සාකච්ඡාව එක තලයක පවතිද්දී ඇතැම් වාමාංශික සහ ජාතිකවාදී පිරිස් එයට ප්‍රහාර එල්ල කිරීමට  තමන්ගේ එල්බගත් මතවාද මත පදනම් වන බව පෙනෙන්නට තිබේ. ඒවා බොහෝ විට පදනම් වී ඇත්තේ හිතලු සහ ඇතැම් විට අසත්‍ය තර්ක මත බව ද  පෙනෙන්නට තිබෙන කරුණකි. මෙහි දී බොහෝ විට සිදු වන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ ‘නව ලිබරල්’ කියා නම් කොට ඒ පිළිබඳව තමන්ගේ හිතලු සහ මිථ්‍යා මත පිහිටා ප්‍රහාර එල්ල කිරීම යි. මොන ලේබලය ඇලෙව්වත් මෙම ප්‍රතිසංස්කරණ දැන් කළ යුතුව ඇත. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම තවත් කල් දැමිය නොහැකි ය. ඒවා ජනතාවට දරන්නට බැරි බරකි. රජය කුඩා කළ යුතු ය. වෙළෙඳපොළ නිදහස් කොට තරඟකාරී කළ යුතු ය. මෙම ප්‍රතිසංස්කරණ නොමැතිව අද මේ රටේ අර්බුදයට විසඳුම