අලුත් වීඩියෝවෙන් හෙළිදරව් වන ලංකාවේ වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය
November 25, 2020 admin Life අජිත් පැරකුම් ජයසිංහ ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුගම්පොළ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යාලයක ඉංජිනේරුවරයකු යයි සඳහන් වෙන පුද්ගලයකු තමන් යටතේ සේවය කරන රජයේ නිලධාරිනියකට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල වයිරල් වෙලා. එම වීඩියෝව පහත දැක්වෙනවා. මේ හා සමානම සිද්ධියක් සති කිහිපයකට කලින්ද වාර්තා වුණා. එහිදී කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාගරිකා දිලුක්ෂණී සේනානායක විසින් පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට එරෙහි රෝහල් බලධාරීන්ට හා ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරනු ලැබුවා. එහිදී ඇය පැවසුවේ එම වෛද්‍යවරයා ඇයට ශාරීරිකවත්, මානසිකවත් හිරිහැර කරන බවයි. ඒ සම්බන්ධයෙන් කළ යුත්තේ විමර්ශනයක් සිදුකිරීමයි. එහෙත්, ඊටත් පෙර, චූදිත වෛද්‍යවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ ඇතැම් ප්‍රබල මාධ්‍ය හා වෙනත් පුද්ගලයන් කටයුතු කරන ආකාරයෙන් එවැනි විමර්ශනයකට බාධා සිදුවන බව හා පැමිණිලිකාරියටත්, විමර්ශන නිලධාරීන්ටත් බලපෑමක් සිදු වන බවත් පෙනේ. වෛද්‍යවරයාගේ මිතුරකු පමණක් වන නිකම්ම නිකම් පුද්ගලයකු හා මාධ්‍ය සම්බන්ධකම් යොදවා පවත්වා රූපවාහිනී නාලිකා මගින් විකාශය කරවාගත් පහත දැක්වෙන වී