සිය දිවි නසාගැනීම්වලට හේතු කියන අධි සංවේදී පුවත්පත් කලාවට නිදසුනක්
October 30, 2019 admin Media News ඊශා කප්පරගේ සැමියා මියයෑමෙන් ජීවත් වීමට මගක් නැති වෙලා මවක් දරු දෙදෙනා සමග ළිඳට පැනලා දරුවෝ මරුට; මවට අසාධ්‍යයි මේ අද දිවයින පුවත්පතට බීබීසී වෙනුවෙන් පවා සේවය කර පළපුරුදු මාධ්‍යකරුවකු වන දිනසේන රතුගමගේ විසින් ලියන ලද වාර්තාවක ශීර්ෂ පාඨයයි. මෙම කාන්තාව ළිඳට පැන්නේ සැමියා මියයාමෙන් පසුව ජීවත්වීමට මගක් නැති නිසා බව දිනසේන රතුගමගේ දැනගත්තේ කෙසේ ද? මෙම වාර්තාවේ මෙසේ දැක්වෙනවා: “එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා මීට දින දහයකට පමණ ඉහතදී රිය අනතුරකින් මිය යාමත් සමගම ඇය එම ශෝකයෙන් හා ජීවත්වීමට ආදායම් මාර්ගයක් නොමැති වීම නිසා දරුවන් සමග ළිඳට පැන තිබේ.” සැමියා මිය යාමෙන් පසු ඇය හා දරුවන් ජීවත් වී තිබෙන්නේ දින 10ක් පමණයි. ජීවත් වීමට ආදායම් මාර්ගයක් වෙනුවෙන් විකල්පයක් සොයා අසාර්ථක වෙන්නට තරම්වත් කලක් ඇය ජීවත් වී නැහැ. එසේ නම්, මෙම මාධ්‍යකරුවා සියදිවි නසාගැනීමට හේතුව දැනගත්තේ කෙසේ ද? සැමියාගේ මරණය වැනි ක්ෂතිමය අත්දැකීමකින් පසු යමෙකු විෂාධය තත්වයට පත්වෙන්නට පුළුවන්. සමාජයේ බොහෝ අය මෙම තත්වය තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා එවැනි අය නිසි මනෝ...