Posts

Showing posts from April, 2021

බුර්කා තහනම් කරන්න තියෙන හදිසි උවමනාව

Image
  April 29, 2021   admin   Human Rights   Life   Religion බුර්කා, නිකාබ් වැනි මුහුණු ආවරණය වන මුස්ලිම් කාන්තා ඇඳුම් තහනම් කිරීමට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව, ඒ හා සම්බන්ධ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම යෝජනාව සිංහල අන්තවාදිී අදහස් ප්‍රකාශ කරන්නකු ලෙස ප්‍රකට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරගේය. මෙම යෝජනාව ඔහු කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සූදානම් කළේ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හමුවේ දැඩි විවේචනයට ලක්වෙමින් තිබූ සමයේදීය. එය එම අවස්ථාවේදී ද ශ්‍රී ලංකාවට අවාසිදායක විය. එසේම, බුර්කා නිකාබ් තහනම කැබිනට් මණ්ඩලය විසින් සම්මත කරනුයේ ශ්‍රී ලංකාව කෝවිඩ්-19 පැතිරීම හේතුවෙන් බරපතල අවදානමකට මුහුණදී සිටියදීය. පවත්නා තත්වය තුළ එය කිසිසේත්ම රාජ්‍ය ප්‍රමුඛතාවක් නොවේ. මෙම ඇමතිවරයාට බුර්කා තහනම මෙතරම් වැදගත් වන්නේ ඇයිද යන්න විමසා බැලිය යුතුය. ශ්‍රී ලංකා රජය පළමු වරට හදිසි නීතිය යටතේ බුර්කා ඇඳුම තහනම් කළේ 2019 අප්‍රේල් 21දා, පාස්කු ඉරිදා ප්‍රහාරවලින් 250කට අධික පිරිසක් මියගොස් 500කට අධික පිරිසක් තුවාල ලැබීමෙන් පසුය. මෙම ප්‍රහාර එල්ල කරනු ලැ

කර්මාන්ත විනාශ කර දමන රාජ්‍ය ත්‍රස්තවාදය කටුපොල් ඇසුරෙන්

Image
  April 25, 2021   admin   Agriculture   Economy අජිත් පැරකුම් ජයසිංහ රජය ආර්ථිකය මැනැවින් නියාමනය කළ යුතු බව අපි විශ්වාස කරන්නෙමු. නියාමනය යනු විද්‍යාත්මක කාර්යයකි. එහිදී තීරණ ගතයුත්තේ දැනුම මත පදනම් වී මිස ඕපාදූප මත පදනම් වී නොවේ. අපට කටුපොල් සම්බන්ධයෙන් විශේෂ ඇල්මක් හෝ විරෝධයක් හෝ නැත. කෙසේ වෙතත්, 1960 දශකයේ පමණ සිට ලංකාවේ කටුපොල් වගාව ව්‍යාප්ත වෙමින් තිබේ. කටුපොල් ලංකාවේ තෙත් කලාපය තුළ ඉතා පහසුවෙන් වැවෙන බෝගයකි. වැටුණු කටුපොල් ඇට තැන තැන පැළවී තිබෙනු තෙත් කලාපයේ සුලබ දර්ශනයකි. කටුපොල් ඉබේ වැවෙන්නේ හොඳින් දියසීරාව ඇති තැන්වලය. ඒ ගසට හොඳින් ජලය අවශ්‍ය බව එයින් නිගමනය කළ හැකිය. එහෙත්, කටුපොල් වැවූ පමණින් තෙත් කලාපයේ ජල මූලාශ්‍ර සිඳී යන බවට කිසිදු විද්‍යාත්මක අධ්‍යයනයක් මගින් සොයාගෙන ඇති බවක් නොපෙනේ.  පාම් ඔයිල් කර්මාන්ත සංගමය (POIA) පවසන පරිදි කටුපොල් හෙක්ටෙයාරයකට අවශ්‍ය ජල ප්‍රමාණය දිනකට ලීටර් 34,680කි. රබර් හෙක්ටෙයාරයකට දිනකට ලීටර් 31,500ක් අවශ්‍යය. කටුපොල් වගාකර තිබෙන තෙත් කලාපයෙහි වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 3,500ක් පමණ වන අතර කටුපොල් වගාව සඳහා අවශ්‍ය වන්නේ මිලිමීටර් 1,300ක වර්ෂාප

කෝවිඩ්-19 හමුවේ දේශපාලකයන් හා නිලධාරීන් නොව වයිරසය විශ්වාස කරන්න

Image
  April 24, 2021   admin   Health   Politics අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 තුන්වන රැල්ලක අවදානමක් මතුවී තිබේ. මේ වන විට හමුවන රෝගීන්ට රෝගය වැළඳුණු මූලාශ්‍ර සොයාගත නොහැකි බව සෞඛ්‍ය ප්‍රධානීහු පවසති. කෝවිඩ්-19 මේ වන විට ප්‍රජාව අතර ව්‍යාප්ත වී හමාර බව සෞඛ්‍ය අංශ පිළිනොගත්ත ද සෙසු කවුරුත් දනිති. පසුගිය සමයේ පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ සීමා කර තිබුණු බැවින් රෝගීන් වාර්තා වීම අඩු වී තිබිණි. එසේම, රටේ ජනතාව බොහෝ දුරට පරිස්සම් වනු දක්නට ලැබිණි. අති බහුතරය මුහුණු ආවරණ පැළඳීම, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම ගැන යම් දුරකට හෝ සැලකිලිමත්ය. සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ විශේෂයෙන්ම වෙළඳපොළ තුළදී මේ පරිස්සම ගිලිහී යාම වර්තමාන තත්වයට හේතුව විය හැකිය. එය බොහෝ විට තාවකාලික වනු ඇත. මේ අතර, වඩා භයානක නව කෝවිඩ්-19 ප්‍රභේදයක් පැතිරෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. කෙසේ වෙතත්, මෙවැනි රැලි ඇතිවීම නරක නැත. කෝවිඩ්-19 අවදානම පසුගිය සමයේ ශ්‍රී ලාංකිකයන්ට අමතක වෙන්නට ගිය බවක් පෙනිණි. එය නැවත මතක් වීම හොඳ දෙයකි. අනෙක් පැත්තෙන්, ලාංකිකයන් යනු සාමාන්‍යයෙන් ම වයිරස්, බැක්ටීරියා ආදිය සමග ජීවත

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු

Image
  April 21, 2021   admin   Crime   Politics පාස්කු ප්‍රහාරයට අද දිනට දෙවසරකි. මෙතෙක් පරීක්ෂණවලින් ප්‍රහාරයේ ඊනියා ‘මහමොළකරුවකු’ සොයාගෙන නැත. මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසන පරිදි මහමොළකරු නව්ෆර් මව්ලවි නමැත්තෙකි. එහෙත්, අපට ඒ මොළය මදිය. නීතීඥ හිජාස් හිස්බුල්ලා වැනි කෙනෙකු පවා මදිය. අපට ලොකු මහමොළයක් අවශ්‍යය. අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් නම් ආගමික දේශපාලන නායකයා නම් දිනපතා වාගේ එක එක මහමොළකරුවන් සොයාගනිමින් සිටියි. පසුගිය දිනෙක ඔහු පැවසීය. ප්‍රහාර මාලාව අන්තවාදීන් විසින් සෘජුවම සැලසුම් කරන ලද්දක් නොවන බවත්, අන්තවාදීන් ඒ සඳහා නැඹුරු කරමින් යම් කණ්ඩායමක් තම දේශපාලන බලය ශක්තිමත් කර ගැනීම සඳහා සිදුකරවන ලද්දක් බවත් අගරදගුරු පැවසීය. “එදා අපේ සොහොයුරන්ට පහරදුන්නේ ආගමික අන්තවාදය නොවෙයි. එය (සිදු කළේ) ආගමික අන්තවාදය පාවිච්චි කරමින්, එය අතකොලුවක් කරගනිමින්, තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කරගන්නට වෙර දැරූ පිරිසක්. මෙම සිදුවීම තුළ අප දකින්නේ ආගමික උන්මාදයක් හෝ ආගමට ඇති ආදරයක් නොවෙයි, තමන්ගේ බලය තහවුරු කරගන්නට යම් යම් කණ්ඩායම් දරන උත්සාහයේ ප්‍රතිඵලයක්,” යි කාදිනල් රංජිත් හිමි පැවසීය. කාදිනල්වර

වරාය නගර පනත යනු රාජපක්ෂවාදයේ මරලතෝනියයි

Image
  April 20, 2021   admin   Economy   Politics අජිත් පැරකුම් ජයසිංහ පෝට් සිටි පනත හෙවත් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ සරල ඇත්ත වත්මන් ආණ්ඩුවේ කාර්යභාරය විවෘත ජාතිකවාදී පදනමකින් විග්‍රහ කරන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙසේ ප්‍රකාශ කර තිබිණි. “ නොබැදි පිළිවෙත, ජාතික ස්වෛරීභාවය යනු අතීතයට අයත් දේ ය. ප් ‍ රායෝගික වන්නේ වඩාත් වාසි බලවතකුගේ අනුහස් කලාපය තුළට ඇතුළු වීමයි!!!   ආණ්ඩු විරෝධීන් මොන බයිලා කිව්වත්, චීන ආධිපත් ‍ යය යටතට පත්නොවී ලංකාවට ශීඝ් ‍ ර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට වෙනත් ක් ‍ රමයක් නැත!!! “ තම තර්කය වැඩිදුරටත් සාධාරණීකරණය කරමින් ඉතිහාස මහාචාර්ය නිර්මාල් මෙසේ ද තර්ක කරයි: “ 1517 කොළඹ වරාය අසල පෘතුගීසීන් තැනූ බලකොටුවද එවකට කෝට්ටේ රාජධානියේ ව් ‍ යවස්ථාවට අනුකූලව කරන ලද්දකි!!! “ සිංහල ජාතිකවාදී වාගාඩම්බරකරුවන් වන මහාචාර්ය ගුණදාස අමරසේකරගේ සිට ගෙවිඳු කුමාරතුංග දක්වා සැමට වරයා නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ගැන කියන්නට මීට වඩා දෙයක් නැත. පනත් කෙටුම්පතෙහි 1 උපලේඛනයෙහි දැක්වෙන සීමාවන් තුළ අක්කර 1115ක භූමියක පිහිටුවීමට යෝජිත වරාය නගර ආර්ථික කලාපය නම්

කාදිනල් හිමිගේ අලුත් අඩව්ව මොකද්ද?

Image
  April 19, 2021   admin   Opinion   Politics   Religion 2019 වසරේ අප්‍රේල් මස 21 වනදා එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරය නමින් කුප්‍රකට මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව අන්තවාදීන් විසින් සෘජුවම සැලසුම් කරන ලද්දක් නොවන බවත්, අන්තවාදීන් ඒ සඳහා නැඹුරු කරමින් යම් කණ්ඩායමක් තම දේශපාලන බලය ශක්තිමත් කර ගැනීම සඳහා සිදුකරවන ලද්දක් බවත් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමි ඊයේ පැවසීය. “එදා අපේ සොහොයුරන්ට පහරදුන්නේ ආගමික අන්තවාදය නොවෙයි. එය (සිදු කළේ) ආගමික අන්තවාදය පාවිච්චි කරමින්, එය අතකොලුවක් කරගනිමින්, තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කරගන්නට වෙර දැරූ පිරිසක්. මෙම සිදුවීම තුළ අප දකින්නේ ආගමික උන්මාදයක් හෝ ආගමට ඇති ආදරයක් නොවෙයි, තමන්ගේ බලය තහවුරු කරගන්නට යම් යම් කණ්ඩායම් දරන උත්සාහයේ ප්‍රතිඵලයක්,” යි කාදිනල් රංජිත් හිමි පැවසීය. කාදිනල්වරයා විසින් කරන ලද ප්‍රකාශය මෙතැනින් මෙය ඉතා බරපතල ප්‍රකාශයකි. අන්තවාදීන් ප්‍රහාරය සඳහා නැඹුරු කළ කණ්ඩායම කුමක්ද? ඔවුන් එය සිදුකළේ කෙසේද? ඒ සඳහා අනුගමනය කරන ලද ක්‍රම මොනවාද? කාදිනල්වරයා වහා මේ සම්බන්ධ තමන් සතු සාක්ෂි පොලිසියට ඉදිරිපත් කළ යුතුය. මේ පිළිබඳ වහා විමර්ශනයක් සිදුකළ

කෆාලා ගැටලු නිසා සවුදියේ අවුරුද්දකට වැඩි කලක් සිරගත කර සිටින කාන්තාවන් නිදහස් කරනු

Image
  April 18, 2021   admin   Development   Human Rights   International   News බහුතරය ගෘහ සේවිකාවන් වන ශ්‍රී ලාංකික කාන්තාවන් 41දෙනෙකු (ඊට වැඩි විය හැකිය) රටින් පිටකිරීම සඳහා බලහත්කාරයෙන් සවුදි අරාබියේ රියාද්හි රැඳවුම් කඳවුරක රඳවා තබාගෙන සිටින බව  ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තරය පවසයි . මෙම කාන්තාවන් මාස අටේ සිට 18 දක්වා කාලයක් මෙසේ රඳවා සිටින අතර මව්වරුන් තිදෙනෙකු ද දරුවන් සමග රඳවා තබා තිබේ. ඒ අතරින් එක් කාන්තාවකට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව ද ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පවසයි. සවුදි අරාබියේ සේවය කරන සංක්‍රමණිකයන්ට අවසර ලබාදීමේදී අනුගමනය කරනු ලබන කෆාලා අනුග්‍රාහක ක්‍රමය මෙයට හේතුවයි. පසුගිය මාර්තු මාසයේදී සවුදි අරාබිය කෆාලා ක්‍රමයට සංශෝධන ගෙන ආවත්, සංක්‍රමණික ගෘහ කම්කරුවන්ගේ තත්වය එම සංශෝධන මගින් වෙනස් වී නොමැති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පවසයි. සේවකයන් මත දැඩි පාලනයක් පවත්වාගෙන යන රැකියාවල නියුතු පිරිස්වලට රැකියාවෙන් ඉවත් වීම සඳහා නව සංශෝධන යටතේ පවා කොන්දේසි සපුරාගැනීම දුෂ්කරය. කෆාලා අනුග්‍රාහකත්ව ක්‍රමය අනුව සංක්‍රමණික ගෘහ සේවක සේවිකාවන්ට රැකියාවකින් වෙනත් රැකියාවකට යාමට හා රටින් පි

පැය 48ක් තුළ 30ක් මරා දැමූ අවුරුදු මාරයා කවුරුද?

Image
  April 17, 2021   admin   Transport සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ලාංකිකයන්ගේ චර්යාව අනුව අලුත් කොවිඩ් රැල්ලක් ඇතිවේදැයි බියක් සෞඛ්‍ය, හමුදා, පොලිස්, මාධ්‍ය වැනි අංශවලින් පළවනු දක්නට ලැබිණි. එහෙත්, අලුත් අවුරුදු වැරදි චර්යාවන්වලින් මතුවුණේ කොවිඩ්-19 අවදානම පමණක් නොවේ. සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරූ පැය 48ක කාලය තුළ මාර්ග අනතුරුවලින් 30දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. අලුත් අවුරුදු සමය යනු සෑම වසරකම මාර්ග අනතුරු බහුලම සමයකි. මාර්ග විනය නොතකා ධාවනය කිරීම, මත්පැන් පානය කර රිය පැදවීම, රියදුරු බලපත්‍ර නොමැති පුද්ගලයන් රිය පැදවීම ආදිය මේවාට බොහෝ දුරට හේතු වේ. “අවුරුදු කාලෙට පාරට බහින එකත් භයානකයි,” යි අප සමග කතා කළ මැදිවියේ මහතකු කීවේය. “මෝටර් සයිකල්, ත්‍රීවීල් එක්ක වාහන එළවන එක හරි අමාරුයි. පාරෙ පොඩ්ඩක් හරි ඉඩ තිබුණොත් එහෙම වම් පැත්තෙන් පවා ඉස්සර කරනවා.” “රිය පදවන්නෙ කාන්තාවක්ය කියා දැනගත්තාම සමහරු අපව බය වෙන විදියට රිය පදවනවා,” යි අප සමග කීවේ 35 වියැති කාන්තාවක්. ඇය සිය ගමන් බිමන් සඳහා වැගන් ආර් වර්ගයේ කාරයක් පාවිච්චි කරනවා. “තනි සුදු ඉර තියෙන තැන්වලදී ඉස්සරහින් එන වාහනය ගැන හිතන්නේ නැතුව

අලුත් අවුරුදු කටේ පාරිභෝගික අයිතිවාසිකම් නායක අසේල සම්පත් අත්අඩංගුවට ගැනීමේ දේශපාලනය

Image
  April 13, 2021   admin   Politics පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කළ සමාජ ක්‍රියාකාරිකයකු වන මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු හා සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක වන අසේල සම්පත් අත්අඩංගුවට ගැනීම දේශපාලනික වශයෙන් ඉතා වැදගත් සංසිද්ධියකි. එම අවස්ථාවේදී නිකුත් කරන ලද මෙම සජීවී වීඩියෝව ඔබ අනිවාර්යයෙන්ම බලන්න. ලිපිය අවසානයෙහි සබැඳිය තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමට ප්‍රමුඛ හේතුව විය හැක්කේ ඇමති බන්දුල ගුණවර්ධනගේ ඊනියා සහන බඩු මල්ල විවේචනය කිරීමයි. හැකි නම් ඒ සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගන්නා ලෙස අසේල සම්පත් බන්දුල ගුණවර්ධනට අභියෝග කළ ආකාරය පහත දැක්වෙන වීඩියෝවේ දැක්වේ. ආණ්ඩුව සිටගන්නේ පාරිභෝගිකයන් සූරාකන ජාවාරම්කරුවන්ගේ ලාභ වැඩිකරදී උන්ගෙන් අත යටින් වාසි ලබාගැනීමේ උවමනාව වෙනුවෙන් බව පෙනේ. පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් කරනු ලබන අරගලය මේ මොහොතේ අතිශය වැදගත් දේශපාලන අරගලයකි. සෑම මිනිසෙකුම පාරිභෝගිකයෙකි. සමාජය වෙනස් කිරීම සඳහා පාරිභෝජනවාදයට එරෙහිවත්, පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙනුත් ද්විත්ව අරගලයක් අවශ්‍යය. දැන් අසේල සම්පත් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වොක්

යූරි ගගාරින් හා වීර මැගිලින්

Image
  April 12, 2021   admin   People   Women යූරි ගගාරින් ලෝක ඉතිහාසයේ පළමු වතාවට අභ්‍යවකාශයට ගිය මිනිසා බවට පත්වුණේ 1961 වසරේ අප්‍රේල් 12දාය. ඒ අදින් 60 වසරකට පෙරයි. ඉන් පසු ලෝක සංචාරයක යෙදුණු යූරි ගගාරින් 1961 දෙසැම්බර් හත්වෙනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණියේය. රත්මලාන ගුවන් තොටුපළේදී මල් මාලයක් පළඳා ගගාරින් පිළිගත්තේ වීරමලගේ මැගිලින් නෝනා හෙවත් වීර මැගිලින්ය. ඡායාරූපයේ සිටින රෙදි හැට්ට ඇඳි මේ නවයව්වනිය කවුරුද? ඒ වනවිට වයස අවුරුදු 14ක් වූ ඇය ජීවිත දිවි නොතකා කටයුතු කරමින් අනතුරකින් විපතට පත් ජීවිත 12ක් බේරාගෙන තිබිණි. ඒ පිළිබඳ සිහිපත් කරමින් සිළුමිණ පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මෙසේ පැවසුවාය: “ඔය සිද්ධිය වෙන්නෙ මගේ පුතේ 1961 අවුරුද්දේ ජූලි 07. මට අවුරුදු 14යි. මගෙ ගම දියගම තෝරමුල්ල. හෝමාගමට තමයි අයිති. ඒ දවස්වල මේවා මහා රබර් වතු. “දියගම ඔය හින්දා ගම දෙකට බෙදිලා තිබුණෙ. ඉස්කෝලෙයි පන්සලයි තිබුණෙ ඔයෙන් එගොඩ. අපි එගොඩ මෙගොඩ ගියේ ඔය හරහා දාලා තිබුණු පොල් කොටන් දෙකක් තියන ඒදණ්ඩකින්. “ඒ දවස්වල හොඳටම වැස්ස. ඔයේ වතුර හොඳටම පිරිලා. අපි දොළොස් දෙනෙක් විතර වෙනදා විදිහටම පෝලිමට ඒ

දියවන්නා ඔයේ මසුන් මියගොස් අධික දුගඳක අවදානමක්

Image
  April 12, 2021   admin   Environment ඉදිරි දින කීපය තුළ දියවන්නා ඔයේ මසුන් මියයාමේ හා අධික දුර්ගන්ධයක් නිකුත් වීමේ අවදානමක් ඇති බව පරිසරවේදීහු පෙන්වාදෙති. දියවන්නා ඔය ඇත්තේ පාර්ලිමේන්තුව ආශ්‍රිතවය. අද වන විට එහි ජලය කිසියම් ඇල්ගී විශේෂයක් හේතුවෙන් දුර්වර්ණ වී තිබේ. ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව, දියවන්නා ඔයේ ජලයේ අධික නයිට්‍රජන් සාන්ද්‍රණයක් හා බැක්ටීරියා අඩංගු වේ. 2016 ජුනි 08 දින ලංකාදීප වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තියක තිසාවැවේ බෝ වූ ඇල්ගී විශේෂයක් නිසා මසුන්ට සිදු වී ඇති හානි පිළිබඳ වාර්තා විය. කොරළි මාළුන් එකිනෙකා කොටාගන්නා බවත් ඔවුන්ගේ තුවාල ඇල්ගී හේතුවෙන් ආසාදනය වීම මරණයට හේතුව බවත් ලජීවී වගා සංවර්ධන අධිකාරියේ මත්ස්‍ය රෝග විශේෂඥ පාලිත චන්ද්‍රරත්න එම වාර්තාවේ ප්‍රකාශ කර තිබිණි. එහි කමෙන්ටුවක් දමන උපාලි නම් පාඨකයකු මෙසේ පවසයි: “ඔය ඇල්ගී දියවන්නා ඔයට බෝකරමු.” ලංකාව පාලනය කරන අමන පාලකයන් පත්කරන ජනතාවම ඉන්පසු ඔවුන්ට විරුද්ධව මෙවැනි ප්‍රකාශ කරනමුත්, දියවන්නා ඔය වැනි සංවේදී පරිසර කලාපයක වැදගත්කම ඇත්තේ එහි තිබෙන පාර්ලිමේන්තුවේ සිටින මහජන මුදලින් නඩත්තු වන වැඩකට නැති පිරිසට පම

සිංහරාජය තුළ සංචාරකයන්ට මගපෙන්වන සුජීවනී

Image
April 12, 2021   admin   Environment   People අජිත් පැරකුම් ජයසිංහ සුජීවනී හෙවත් සුජී අපට හමුවුණේ දෙනියායෙ මෙදේරිපිටියේදී. ඇය දෙනියායේ පිටදෙනියෙන් සිංහරාජ වනාන්තරයට ඇතුළු වන පිවිසුම ආසන්නයේ ජීවත්වන තිස්විය ඉක්මවූ කාන්තාවක්. ඇය පිළිබඳ සටහනක් තබන්නට හේතු වුණේ ඇය කරන සුවිශේෂ රැකියාව නිසායි. ඇය සිංහරාජය බලන්නට යන සංචාරකයන්ට මගපෙන්වන්නියක්. විස්සකට වැඩි පිටදෙනියේ සංචාරක මාර්ගෝපදේශකවරුන් අතර සිටින කාන්තාවන් දෙදෙනෙකු අතරින් සුජී කැපීපෙනෙනවා. සිංහරාජය බලන්නට යන්නට මාර්ගෝපදේශයකයකු අවශ්‍ය බව අප අප සිටි හෝටලයේ සේවිකාවන්ට කී විට ඔවුන් දුරකථන ඇමතුමක් දී කැඳෙව්වේ කාන්තාවක බව ඇය දකින තෙක්ම අප දැන සිටියේ නැහැ. ගමනට ඔබින ඇඳුමින් සැරසී, මුහුුණු ආවරණත් පැළඳගෙන පැමිණි ඇය අපට ලුණු පැකට්ටුවක් ලබා දී සපත්තු වටා පවා හැමතැනම ලුණු තවරාගන්නා ලෙස උපදෙස් දුන්නා. කූඩැල්ලන් ජීවත් වන ප්‍රදේශයකින් පැමිණි පණ්ඩිතයකු වූ මම සපත්තුව වටා ලුණු ගාගන්නට අවශ්‍ය යයි සිතුවේ නැහැ. ඒත්, ඇය ලුණු ගාගන්තා. මං කෙතරම් වැරදිද යන්න තේරුණේ සපත්තුව ඇතුළෙන් කූඩැල්ලකු කන වේදනාව දැනුණු විටයි. සුජීවනී ගමනාරම්භයේදීත්, අතරමගදීත් සිංහරාජය ගැන වටින