Posts

සජිත් ආවොත් සියලු දේශපාලන පක්ෂ නායක මණ්ඩලවල 25%ක් කාන්තාවන්ට

Image
October 24, 2019   admin   News   Women පසුගියදා එළිදක්වන ලද සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකවරයා විසින් ක්‍රියාත්මක කරන්නට යන කාන්තා ප්‍රඥප්තියේ එක් කොටසක් කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු විය. සියලු දේශපාලන පක්ෂවල ප්‍රධාන තීරණ ගැනීමේ ව්‍යුහ තුළ අවම වශයෙන් 25% ක හෝ කාන්තා නියෝජනයක් ඇති කිරීම අනිවාර්ය කෙරෙන නෛතික ප්‍රතිපාදන හඳුන්වා දෙනු ලබන බව එම ප්‍රඥප්තියේ දැක්වේ. මේ රටේ කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය වැඩි කිරීම සඳහා අවශ්‍ය විප්ලවීය පියවර ගත්තේ එක්සත් ජාතික පක්ෂය මිස අන් කිසිදු පක්ෂයක් නොවේ. පළාත් පාලන සභාවල 25%ක කාන්තා නියෝජනය තහවුරු කිරීමට පියවර ගන්නා ලද අතර, දිවයිනේ ප්‍රධානතම පළාත් පාලන ආයතනය වන කොළඹ මහ නගර සභාවේ පුරපතිනිය ලෙස කාන්තාවක පත්කිරීමේ ධෛර්යය එජාපයට තිබිණි. ලංකාවේ ධනේශ්වර දේශපාලන පක්ෂවල තරමින් හෝ විප්ලවවාදී දේශපාලන පක්ෂවල කාන්තා නියෝජනයක් නැත. ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පවා දේශපාලන මණ්ඩලවල කිසිදු දිනෙක කාන්තාවක සිට නැත. එහෙත්, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ සන්නද්ධ දේශපාලනයේ ඉදිරි ම පෙළේ කාන්තා නායිකාවන් සිටිය හ. මෙම තත...

EXECUTIVE SUMMARY OF PARLIAMENTARY COMMITTEE ON EASTER SUNDAY ATTACKS IN SRI LANKA

Image
October 24, 2019   admin   News   Security On 21 April 2019, Easter Sunday, suicide terrorist bombings that took place in three churches and three hotels in Sri Lanka killed around 277 people (including 8 suicide bombers) and wounded more than 400 people as per the information provided by Police Headquarters. At least 40 foreign nationals and at least 45 children were reported to be among the dead. Investigators identified Zahran Hashim, one-time leader of the National Thowheed Jamaath, as the main suspect behind the execution of these coordinated attacks. Subsequent to the attacks, incidents of ethnic violence and tension targeting the Muslim community occurred in several parts of the country. 40 Members of Parliament representing the UNP, UPFA, ITAK and JVP presented a resolution in Parliament requesting the appointment of a Parliamentary Select Committee (PSC) with the resolution passed in Parliament on the 22nd of May 2019 without a division. The PSC held 24 sit...

නාඩගම

Image
October 23, 2019   admin   Satire මනෝජ් ප්‍රේමකීර්ති පැරණි නාට්‍ය නාඩගම් නාඩගම් දැන් දකින්න අමාරුයි. ඉස්කෝලවල ළමයින්ට ඒව ගැන තියෙන පාඩම් කියලා දෙනකොට ප්‍රායෝගිකව අත් හදා බැලීම් කරන්න තියෙන්න ඕන. මනමේ සිංහබාහු වගේ නාට්‍ය දැන් දකින්න නෑ. අපේ ගමේ ඉස්කෝලේ ළමයින්ට මේ නාට්‍ය තිබුණත් පෙන්නන්න සිදාදියට එක්ක යන්නයැ. පුළුවන් හැටියට මේ නාට්‍යයක් අපි ම හදලා ගමේ පෙන්නන්න තීරණය කර ගත්තයි කියමුකෝ. මේක ලියලා හදලා ගන්න වැඩේ මහින්ද මහත්තයා බාරගත්තා. එයා අපි හිටපු මුල් ගුරුතුමා නෙ. මනමේ නාට්‍යය ම අලුත් විදිහකට හදලා ගන්න එතුමා කැමති වුණා. ප්‍රධාන නළු නිළියෝ සහය නළු නිළියෝ අවසේස වැඩට කට්ටිය ඔක්කොම තෝර ගත්තා. මනමේ කුමාරයාට අපේ පේමෙ, වැදි රජ්ජුරුවන්ට නන්දෙ, කුමාරිට සිරියාවතී, තව ඉතින් ඔය සහය නළුවන්ට කට්ටිය දා ගත්තා. මටත් බාර වුණා ඔය පොඩි පොඩි වැඩ. පුහුණුවීම් දිගටම කරගෙන යනවා. මේක දැන් පෙන්නන්නෙ කවදද කියල ප්‍රශ්නයක් ආව. කලාපයෙන් අහල යැව්වායින් පස්සේ ලොක්කගෙ ගෝරනාඩුව ළමයින්ට ඕලෙවෙල් විබාගෙ තියෙනවා, වාරවිභාග තියනවා, ඒවට බාධාවක් නොවෙන්න ඕක තියන්න ඕනෑ කියලා. නොවැම්බර් 16 වැනිදා ට පෙ...

රනිල් ගෙනෙන බව කියන ජාතික සෞඛ්‍ය රක්ෂණය මොකක් ද?

Image
October 23, 2019   admin   Health   News ජාතික සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරිම ආණ්ඩුවේ මීලඟ ඉලක්කය බව අගමැති රනිල් වික්‍රමසිංහ ජාතික සෞඛ්‍ය පර්යේෂණ සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් පැවසුවා. අනාගත එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමේ හැකියාවක් තිබෙනවා. එසේම, ඕනෑම දෙයකට විරුද්ධ වීම ප්‍රතිපත්තිය කරගත් ව්‍යාපාරවල විරෝධය මතු වීමත් අපේක්ෂා කළ හැකි තත්වයක්. මොකක්ද මේ ජාතික සෞඛ්‍ය රක්ෂණය? ලංකාවේ අපට මෙය කුමක් ද යන්න තේරුම් ගන්නට අමාරුයි. ජර්මනියේ පදිංචි ශ්‍රී ලාංකිකයකු අපට එය පැහැදිලි කරදුන්නේ මෙසේයි: ජාතික සෞඛ්‍ය රක්ෂණයක් ක්‍රියාත්මක වන ලෝකයේ බොහෝ දියුණු රටවල වැඩ කරන ජනතාව ලබා ගන්නා වැටුපෙන් යම්කිසි ප්‍රතිශතයක් සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා රක්ෂණ වාරිකය ලෙස කපා ගන්නා අතර ඒ හා සමාන කොටසක් රැකියාව කරන ආයතනය මගින් ද වෙන්මේ කර, මුළු මුදලම රක්ෂණ සමාගමට ගෙවනු ලබනවා. එම පුද්ගලයාගේ සෞඛ්‍ය වියදම් ආවරණය වන්නේ මෙම සෞඛ්‍ය රක්ෂණයෙන්. ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු හෝ රෝහලක් වෙත ගියවිට ශ්‍රී ලංකාවේ මෙන් අත්තනෝමතික මිළ ගණන් අයකරන්නට බැ...

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණොත් ආයෙමත් ආර්ථික සම්බාධක ද?

Image
October 22, 2019   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 20 ලංකා පුවත්පතේ පළ විය) වත්මන් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් තමන් බලයට පත් වුවහොත් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඔක්තෝබර් 15දා පැවැත්වුණ පුවත්පත් සාකච්ඡාවේදී පැවසී ය. එම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශයට ඌන පූරණයක් කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසුවේ එම ගිවිසුම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවයි. මෙම ගිවිසුම් මොනවා ද? 2019 වසරේ මාර්තු මස පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ 40වන ජිනීවා සැසිවාරයේ 40/1 යෝජනාවලියට ශ්‍රී ලංකා රජය අතුළු පාර්ශ්ව පහක සම අනුග්‍රහකත්වය සපයන ලදී. 40/1 යෝජනාවලිය ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ සඳහන් කළේ, “30/1 යෝජනාවලිය ස්ථාවර, පරිපූර්ණ සහ වේගවත් ක්‍රමවේදයක් අනුව ක්‍රියාත්මක කළ යුතු” බවය. ශ්‍රී ලංකා ආණ්ඩුවේ ද සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම සම්බන්ධ 30/1 දරන යෝජනාව එක්සත් ජාතීන්ගේ ...

මුස්ලිම් කියා ජනවර්ගයක් නැහැ; ඉන්නෙ යෝනක හා මැලේ

Image
October 22, 2019   admin   Life තුවාන් නූර් රහීම් ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට අයත් බහුතරය මිශ්‍ර දෙමළ බස මව්බස ලෙස යොදාගන්නා අතර තව කොටසක් මැලේසියානු/ඉන්දුනීසියානු භාෂාවන් ප්‍රධාන කොටගත් භාෂාවක් මව්බස ලෙස යොදා ගන්නවා. ඒ අතරම බහායි, බෝරා වැනි ව්‍යාපාරික ප්‍රජාව උර්දු හෝ පාර්සි වැනි භාෂාවක් තමයි මව්බස ලෙස යොදාගන්නේ. මේ භාවිතා වන දෙමළ හෝ මැලේ භාෂාවන් එහි මුල් ස්වරූපයන්ගෙන් වෙනස්ව ඇත. උදාහරණ ලෙස දෙමළ බසට අරාබි වදන් ද, මැලේ බසට අරාබි හා දෙමළ වදන් ද සම්මිශ්‍රණයවී ඇත. මූලික කාරණය නම්, මුස්ලිම් යනු ආගමික ප්‍රජාවක් (බෞද්ධ, කිතුනු වැනි) මිස වාර්ගික ප්‍රජාවක් නොවන බව ලංකාව තුළ අවබෝධයක් නැති කමයි. දෙමළ බස භාවිතා කරණුයේ යෝනක/මරක්කල (තම්බි යන පොදු වහර – MOORS) ප්‍රජාව වන අතර, මැලේ බස පරිහරණය කරනුයේ මැලේ/ජා ප්‍රජාවයි. මුස්ලිම් යන අරාබි වදන ගොඩනැගී ඇත්තේ මු+ඉස්ලාම් හෙවත් ඉස්ලාමය පිළිපදින්නා යන අරුතින් ය. තවත් පැහැදිලි කිරීමක් නම් අරාබි බසින් ඉංජිනේරු වැඩ යනු “හන්දසාත්” වන අතර මු+හන්දසාත් හෙවත් මුහන්දිස් යනු ඉංජිනේරුවා යන්නය. මෙම ගැටලුවට මුල යෝනක ප්‍රජාව කුමක් හෝ හේතුවක් නිසා ත...

ලංකාවෙ මුස්ලිම් මිනිසුන් කතා කරන භාෂාව නොදත් ළමයි

Image
October 21, 2019   admin   Education   Life “මගෙ වයස අවුරුදු 18යි. මට තාම දෙමළ යාළුවෙක් නෑ. ඇයි ඔබ තුමන්ලා අපිව මෙහෙම වෙන් කළේ? ” යන මේ ප්‍රශ්නය රූපවාහිනී වැඩසටහනකදී පාසල් ශිෂ්‍යාවක් දේශපාලනඥයන්ගෙන් අසා තිබේ. මෙය මේ දිනවල ජනප්‍රිය ප්‍රශ්නයකි. වසර 12කට පෙර මා අගලවත්ත කොට්ඨාසයේ ප්‍රධාන පාසලක සේවය කරද්දී මා ඉංග්‍රීසි ඉගැන්වූ 10, 11, උසස් පෙළ ආදී පන්ති සියල්ලේ ළමයින්ගෙන් ප්‍රශ්නයක් ඇසුවෙමි. ලංකාවේ මුස්ලිම් ජනයා කතා කරන භාෂාව කුමක්ද යන්න එම ප්‍රශ්නයයි. පිළිතුර ලෙස අරාබි භාෂාව පමණක් නොව ඇදහිය නොහැකි පිළිතුරු පවා ලැබුණමුත්, එකද ළමයෙකු හෝ දෙමළ යන පිළිතුර දුන්නේ නැත. මේ කාරණය මා ගුරු කාමරයේදී කියන විට අපේ මිතුරු ගුරුවරුන්, ගුරුවරියන්ගේ මුහුණින් ප්‍රකාශ වුණ නොදන්නාකම මට තවමත් මතක ය. වාසනාවට එක් අයෙකු ‘දෙමළ නේද?’ ඇසුවා ය. මේ තත්වය අද වන විට වෙනස් වී තිබේ ද? ඒ ආසන්න වකවානුවකදී මා දුටු තවත් කරුණක් වන්නේ, දුෂ්කර පාසලක තුන්වන ශ්‍රේණියට ඉගැන්වූ ගුරුවරියක් විවිධ ඇඳුම් අන්දා ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරමින් ලංකාවේ ජීවත් වන ජාතීන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යයි ඉගැන්වීමයි. භාෂාව...

GOTA – THE NECESSARY EVIL

Image
October 20, 2019   admin   English   Politics Nanda Wanninayaka  nanda.wanninayaka@gmail.com The controversial former Zimbabwean President Robert Mugabe, considered a moron by the West and the rest of the sensible world died a few weeks ago. Had Mugabe stepped down after two or three maximum presidential terms gracefully, he would have gone down in the history as a legendary leader who saved Zimbabwe from the imperialists. But it was not to be due to his extreme greed for power. He opted not to leave the office till his death, but, as in the cases of most of the similar despots at the end, he was dispatched home by the protesting citizens and the army. Till that, there was no sign of Mugabe relinquishing power even after ruling the country for 37 long years with manipulated and rigged elections. The same fate could have befallen on our own former president Mahinda Rajapaksa (MR,) had he won the 2015 election and went on being the undisputed leader of the co...

ගෝඨාභයගේ නිදොස්කොට නිදහස් කිරීම, රණවිරුවන් සහ දේශපාලන සිරකරුවන්

Image
October 19, 2019   admin   Human Rights   Politics   Security අජිත් පැරකුම් ජයසිංහ, 2019 ඔක්තෝබර් 20 අනිද්දා පුවත්පතේ ද පළ වේ “එදා ඇපකැප වුණු රණවිරුවන් විශාල ප්‍රමාණයක් හිරගෙවල්වල ඉන්නවා, අභූත නඩු චෝදනා ඉදිරිපත් කරලා. මම මේ අවස්ථාවේදී කියන්නට කැමතියි, 17වෙනිදා උදේ වෙනකොට මේ සියලු දෙනා ම නිදොස් කොට නිදහස් කරනවා,” යි අනුරාධපුරයේ පැවැත්වුණ සිය ප්‍රචාරක රැළියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පැවසීය. මෙය ඉතා කූට පොරොන්දුවකි. අභූත නඩු චෝදනා කියා ජාතියක් නැත. හිටපු හමුදා නිලධාරීන් ඉතා සුළු පිරිසක් පමණක් ඉතා දීර්ඝ නඩු විභාගවලින් පසුව වරදකරු වී දඬුවම් ලබා තිබේ. සුනිල් රත්නායක නිදසුනකි. 2000 දෙසැම්බර් 20 වෙනිදා උඩුප්පිඩිහි අවතැන් කඳවුරේ සිට, හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හි තම ඉඩම් වෙත කෑමට යමක් සොයාගැනීමට ගිය මිනිසුන් පිරිසක් අතර සිටි වයස අවුරුදු පහක දරුවකු ඇතුළු දරුවන් තිදෙනෙකු  සමග දෙමළ සාමාන්‍ය වැසියන් අටදෙනෙකුගේ බෙලි කපා මරා වැසිකිළි වලකට දැමූ බවට වූ චෝදනා ඔප්පු වූ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් ර...

යුද්ධය කියන්නේ ඉතා කටුක දෙයක්. ඒ ඉතිහාසෙ පැත්තකින් තියන්න කාලය ඇවිල්ලා – බැසිල් රාජපක්ෂ

Image
October 19, 2019   admin   News   Politics යුද්ධය, යුද ජයග්‍රහණය හෝ යුද්ධයේ වීරක්‍රියා ආදිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම තහනම් බැවින් එසේ නොකරන ලෙස දේශපාලන පක්ෂවලට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසී ය. . යුද ජයග්‍රහණය එක පක්ෂයක හෝ එක කණ්ඩායමකට හෝ අයත් එකක් නොවන අතර එය සමස්ත රටේ පුරවැසියන්ට අයත් බව ඔහු පවසයි. මේ ගැන ඉතා වැදගත් ප්‍රකාශයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඔක්තෝබර් 20දා ලංකාදීප පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබිණි. “හමුදා පොලිසිය වගේ ම රටේ සාමාන්‍ය ජනතාව දක්වා සියලුම දෙනාට ඒ යුද ජයග්‍රහණයේ ගෞරවය හිමි විය යුතුයි. ජනතාව මොන තරම් කැපකිරීම් කළා ද? ඒ ගෞරවය ඒ සියලු දෙනාම වගේ ම නායකත්වය දුන් සියලු දෙනාට ම හිමි විය යුතුයි.” සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන ප්‍රසන්න සංජීව තෙන්නකෝන් මෙසේ අසයි: එහෙම නම් ෆොන්සේකාව හිරේ දැම්මේ ඇයි කියලා යූඇන්පිය අහනවා. බැසිල් රාජපක්ෂගේ පිළිතුර මෙසේ ය: “ඒක ම තමයි අපට අහන්න තියෙන්නේ. ඒගොල්ලන් කියන්නේ රණවිරුවෙක් නිසා ඔහුට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ කියලයි. ම...

හිස්බුල්ලා පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කීම ඔවුන්ට ප්‍රශ්නයක් වුණේ ඇයි?

Image
October 18, 2019   admin   News   Politics ජනාධිපතිවරණයේ විශේෂ ලක්ෂණයක් වන්නේ දෙමළ, මුස්ලිම් විරෝධය සමග දෙමළ, මුස්ලිම් ඡන්ද ලබාගැනීමේ උත්සාහයත් එකට ම පැවතීමයි. එහි අපූරු තත්වයක් වන්නේ, අනෙක් පාර්ශ්වයට දෙමළ, මුස්ලිම් ඡන්ද ලැබේ නම්, එම පාර්ශ්වයට රට පාවා දෙන බව කියන ගමන් ම එම ඡන්ද තමන් වෙත ලබාගැනීමට උපරිම උත්සාහය දැරීමයි. මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඔටුවා ලකුණින් තරග කරන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට සහයෝගය පිණිස බෙදාහැර තිබෙන පත්‍රිකාවක් දැඩි මතභේදයට ලක් වී තිබේ. එම පත්‍රිකාවේ හිස්බුල්ලා නැගෙනහිර ආණ්ඩුකාර පදවියට පත් කිරීමට ඔහුට ඡන්දය දෙන ලෙස මුස්ලිම් ජනතාවගෙන් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන ලෙස දෙමළ ජනතාවගෙන් ද ඉල්ලා සිටියි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ සම්බන්ධයෙන් කොයි තරම් කලබල වී ඇද්ද යත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට තරම් කලබල වී තිබේ. හිස්බුල්ලාගේ සහයෝගය හේතුවෙන් තමන්ගේ සිංහල ඡන්ද පදනමට බලපෑමක් ඇති වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලබල වී ඇති බව පෙනේ. මී...