ස්ත්‍රී දූෂක දේශපාලනයට එරෙහිව චන්ද්‍රිකා

මධ්‍යතන යුගයේදී බලවත් ගැහැනුන් මායාකාරියන් ලෙස සලකා වධ දී මරා දැමූ ආකාරය. චන්ද්‍රිකාට එරෙහිව මේ ආණ්ඩුව විසින් එල්ල කර තිබෙන ප්‍රහාරය ගැන පොදු විපක්ෂය මීට වඩා කතා කළ යුතු ය. මම පෞද්ගලිකව චන්ද්‍රිකාට කැමති නැත. ඇය හා මහින්ද රාජපක්ෂ යන දෙදෙනාගෙන් එක් අයෙකු තෝරා ගන්නැයි කීවොත් මම ඇය තෝරා ගන්නේ නැත. එහෙත් ඇය ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂකයා වී නැත. ඒ නිසා ඒ ප්‍රශ්නය අදාළ නො වේ. ඇය මේ රටේ හිටපු ජනාධිපතිවරියකි. එසේ ම, ඇය විජය කුමාරතුංග නම් ප්‍රගතිශීලී දේශපාලනඥයාගේ බිරිඳයි. ඔහු ඝාතනය වූයේ දේශපාලනික හේතු නිසා ය. එසේම ඇය ද කොටි සංවිධානයේ බෝම්බ ප්‍රහාරයකින් අනූ නවයෙන් දිවි බේරා ගත් අයෙකි. ඇයට එයින් ඇසක් අහිමි විය. ඇගේ පාලන කාලය තුළ ඇය මේ රටේ ජනප්‍රිය නායිකාවකි. ඇය කළ මුල් ම වරද ඇය කෙරෙහි ජනතාව විසින් තබන ලද බලාපොරොත්තු ඉටු නො කිරීමයි. ඇය වරක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ගෙන ආවා ය. එහෙත් ඇයට එය ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය සහයෝගය නො තිබිණි. අද පොදු විපක්ෂයේ තේමා බවට පත් වී ඇති, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, යහපාලනය පිහිටුවීම...