විනාශයේ ගමන 'ස්ලෝ' කරන්න ඡන්දය දෙමුද? විරෝධය පිණිස කටුගාමුද? Shall we cast our vote or shall we cancel it?

(2010 අප්‍රේල් 07- W3Lanka ) 'ඡන්දෙන් වැඩක් නැත්තේ ම නැත' මැයෙන් අප විසින් ඉදිරිපත් කරන ලද අදහසට ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වීමක් සමාජවාදී සංධානය විසින් අප වෙත යොමු කර තිබේ. එහි මූලික අදහස මෙම මැතිවරණ ක්‍රමයට විරෝධය දක්වනු පිණිස මහ මැතිවරණයේදී ඡන්දය කටු ගා දමන්න යන්නයි. අප පැවසුවේ රට යොමු වී තිබෙන මේ විනාශයේ ගමන මඳකින් හෝ පමා කළ හැකි යමක් මේ ඡන්දය ඔස්සේ කළ හැකි බවයි. අපි මෙසේ ද පැවසුවෙමු. පිරිසිදු අපේක්ෂකයකු සොයා ගැනීම කිසිවකු නොමළ ගෙයකින් අබැටක් සෙවීම වැනි නොකළ හැකි දෙයකි. එහෙත් අඩුවෙන් දූෂණයේ යෙදුණ අයකුට අවස්ථාව දීම පල් හොරෙකු පත් කර ගැනීමට වඩා දේශපාලන සෞඛ්‍යයට හිතකර ය. ඔබ ලබා දුන් ඡන්දයට පසුබිම් වූ ප්‍රතිපත්තිමය කාරණා නිර්ලජ්ජිත ලෙස ඇමතිකමක් හෝ වෙනත් එවැනි වරදානයක් වෙනුවෙන් නින්දිත අන්දමින් පාවා දුන් අය යළි පත් නොකිරීම ප්රජාතන්ත්රවාදයට කරන අවම සේවයකි. වෙනසක් පිළිබද සමාජ අපේක්ෂා මංකොල්ල කා සය වසරක් තිසසේ කිසිදු ඵලදායී කාර්යයක් නොකරමින් අහංකාර ලෙස හැසිරුණු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීන්ගේ පස්ස බිම ඇනෙනු බැලීමේ කුහක ආශාවක් බොහෝ අය තුළ ඇතිමුත් එසේ සිදු නොවිය යු...