අස්සයා පැන ගිය පසු දි ඉකොනොමිස්ට් සඟරාව වරායේ හිර කිරීම
( 2010 අගෝස්තු 21, W3Lanka ) ලෝක ප්‍රකට ආර්ථික සගරාවක් වන 'දි ඉකොනොමිස්ට්' මෙවර කලාපය රේගුවේ රඳවා තබාගෙන ඇති බව එම එම සඟරාව මෙරට බෙදා හරින විජිත යාපා සමාගම පවසයි. මෙම සඟරාව අනියමින් රට තුළ තහනම් කර තිබෙන්නේ එහි ලංකාව පිළිබඳ පළ වන ලිපියක් නිසා ය. එහි මාතෘකාව මෙසේ ය: Sri Lanka's post-war recovery (ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද කාලීන යඝා තත්වයට පත් වීම) Rebuilding, but at a cost (නැවත ගොඩනැඟීමක් එහෙත් මිළකට) Sri Lanka is developing again. But not all can celebrate (ලංකාව නැවතත් දියුණු වෙමින් තිබේ. එහෙත් සැමට සතුටු විය නො හැක.) ත්‍රිකුණාමලයේ සාම්පූර්හි පදිංචිව සිටි 6000ක් ජනතාවට එහි යළි පදිංචි වීමට ඉඩ නො දී එම ඉඩම්වල ඉන්දියාව සමග එක් වී ගල් අගුරු විදුලි බලාගාරයක්, ජැටියක් හා විශේෂ කලාපයක් පිහිටුවීම, සාම්පූර් අවතැන් වූවන්ට සපයන ලද පහසුකම්වල තත්වය, සිදු වන සංවර්ධන ව්‍යාපෘතිවල තත්වය, වෙරළ බිම් කොටස් සංචාරක හෝටල් තැනීම සඳහා රාජපක්ෂ හිතවතුන්ට දෙයි ද යන සැකය, කරුණා අම්මාන්ට සැලියුට් ගසන්නට වූ සොල්දාදුවකුගේ කලකිරීම, යුද්ධය දිනන්නට මුල් වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට සිදු ...