වාර විභාග සොමිය හා ඌරාගේ මාළු උගේ ම ඇඟ පිට කැපීම
(2010 ජුලි 09, W3Lanka ) පාසල්වල දෙවන වාර අවසාන විභාගය ළඟ ළඟ එමින් තිබේ. පසුගිය සමයේ පළාත් සභා විසින් සකසන ලද වාර විභාග ප්‍රශ්න පත්‍ර රටට ම විහිළු සැපයූ බව කවුරුත් දනිති. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අධ්‍යාපන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පත් කරන ලද බව කියන නිලධාරීන්ගෙන් පිරී ඇත. බහුතරයක් නිලධාරීන්ට ඇති වැඩක් නැත. එහෙත්, වාර විභාග ප්‍රශ්න පත්‍රයක් නිවැරදිව සකසා පාසල්වලට බෙදා දීමට තරම් හැකියාවක් පළාත් අධ්‍යාපන බලධාරීන්ට නැත. නැති හැකියාවන් වර්ධනය කරගෙන පිළිවෙලකට පාසල් වාර විභාග පවත්වනවා වෙනුවට දැන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු වාර විභාග පැවැත්වීමේ වගකීමෙන් ඉවත්ව ඇත. ඒ වෙනුවට දැන් වාර විභාග ප්‍රශ්න පත්තර සකස් කරන්නේ පාසල් විසිනි. බලතල විමධ්‍යගත කිරීම නරක නැත. එහෙත්, පොදු ප්‍රශ්න පත්‍රයක් සැපයීමේදී එය සැකසීමට ගත වන කාලය, මුද්‍රණ වියදම් ආදී කාරණාවලදී එය පිරිවැය කාර්යක්ෂම වේ. පාසල් මට්ටමින් විභාග ප්‍රශ්න පත්‍ර සකසන්නට යාම විසින් විශාල ශ්‍රම හා ධන නාස්තියක් සිදු වේ. ප්‍රශ්න පත්‍රවල ගුණාත්මකභාවය ද රඳා පවතින්නේ එක්, එක් ගුරුවරයාගේ නිපුණත්වය මතයි. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු...