Posts

Showing posts with the label tapir

නොසැලකිල්ල නිසා දෙහිවල සතුන් වත්තේ ටේපියර් මිය යයි

Image
(2009 සැප්තැම්බර්  30 - W3Lanka ) බෙල්ජියමේ සතුන් වත්තකින් මීට 13 වසරකට පෙර ගෙන එන ලද ටේපියර් ජෝඩුවකින් ඉතිරි වී සිටි සත්වයා දෙහිවල සත්වෝද්‍යානයේ බලධාරීන්ගේ නොසැලකිල්ල හා ප්‍රේක්ෂකයන්ගේ නොමනා ක්‍රියා හේතුවෙන් 28දා මිය ගොස් තිබේ. මරණයට හේතුව පොලිතින් අනුභවයයි. සතාගේ බඩේ තිබී පොලිතින් කිලෝ එකහමාරක පමණ ප්‍රමාණයක්‌ පශු වෛද්‍යවරුන් විසින් සොයාගෙන තිබිණි. ටේපියර් යනු ඌරකුට සමාන හැඩරුව ඇති වඳ වී යමින් සිටින ක්ෂීරපායී සත්වයෙකි. ඌ වසර 25ක් 30ක් ජීවත් විය හැකි සත්වයෙකි. සතුන් වත්තේ බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා පසුගිය සමයේ සතුන් විශාල ගණනක් මිය ගිය අතර ඇනකොන්ඩා සර්ප පැටවුන් 16ක් ද ඒ අතර වෙති.