ටැබූ සබ්ජෙක්ට්ස් පට්ට ස්ටාලින්වාදියෙකි | taboosubjects is a Stalinist
(2010 මැයි 02 - W3Lanka ) "O ur own actions are our security, not others' judgments." George Herbert, 1593 - 1633 අපේ ආරක්ෂාව වන්නේ අපේ ම ක්‍රියාවන් මිස සෙස්සන්ගේ විනිශ්චයන් නොවන බව ඉහත ප්‍රකාශයේ අදහසයි. ටැබූ සබ්ජෙක්ට්ස් පිළිබඳ ලියන්නට සිතමින් සිටියදී මගේ මිතුරියක විසින් මෙම කියමන සහිත විද්‍යුත් ලිපියක් එවා තිබිණි. මම යමක් ලියද්දී සාමාන්‍යයෙන් මෙවැනි ආප්තෝපදේශ යොදන්නේ කලාතුරකිනි. එවැන්නක් යෙදීම ලේඛනයට පණ්ඩිතමානීකමක් දෙයි. අද කාලයේ එවැනි ආප්තෝපදේශයක් සොයා ගැනීම සඳහා බොහෝ සේ කියවූවකු වීමට අවශ්‍ය නැත. අන්තර්ජාලයේ මේවා අඩංගු වෙබ් අඩවි ඕනෑ තරම් තිබේ. එබැවින් ෂේක්ස්පියර්ගේ කියමනක් උපුටා දක්වන අයෙකු හොඳින් ෂේක්ස්පියර් සාහිත්‍යය කියවූ කෙනෙකු වීම අත්‍යවශ්‍ය නැත. ලිවීම පිළිබඳ මා බොහෝ කලකට ඉහතදී කියවූ ඉංග්‍රීසි ලිපියක තිබූ ගුරුහරුකමක් මම අදත් පිළිපදිමි. එයින් කියැවුණේ කතා කරන කරුණ පිළිබඳ අනුන් කියන දේ නොව ඔබ කියන දේ කුමක්ද යන්න පැහැදිලිව කියන ලෙසයි. පසුගිය වසරක පමණ කාලයක් තිස්සේ මෙම අඩවිය හරහා ලංකාවේ සිදු වන විවිධ සිදුවීම් පිළිබඳ අදහස් ඉදිරිපත් කර තිබේ. ඒ ඔස්සේ විවිධ ...