Posts

Showing posts with the label sea plane

ආණ්ඩුවේ (වන) ජලචර ගුවන් සේවාව

Image
මහජන විරෝධතා මැද පොදු ජල මූලාශ්‍ර අපවිත්‍ර කරමින් සල්ලිකාරයන්ට රට පුරා උඩින් යන්නට සැකසූ ජලචර ගුවන් සේවය නතර කිරීමට තීරණය කර ඇති බව සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්න මේ සතියේ ලංකාදීප පුවත්පතට පවසා තිබේ.  හේතුව ලෙස ඉදිරිපත් කරන්නේ රජයට අයත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩු අවම කිරීමයි.  මෙම ජලචර ගුවන් සේවය වෙනුවෙන් මීගමු කලපුවේ සම්ප්‍රදායික ධීවරයන්ගේ අයිතීන් පවා උදුරා ගන්නට ආණ්ඩුව මුලින් සැලසුම් කළමුත් මහජන විරෝධය නිසා එය අත්හිටුවන ලදී.  මෙම ජලචර ගුවන් සේවය පවත්වාගෙන ගියේ කැනඩාවෙන් බද්දට ගත් ගුවන් යානාවලිනි. එය දැවැන්ත පාඩුවක් ලැබුවේ ය. ඒ පාඩු පියවන්නේ මහජන මුදලිනි. එසේ මහජන මුදලින් දියත් කළ මේ ව්‍යාපාරය පොදු දේපල වන ජල මූලාශ්‍ර පරිහරණය කිරීමේ අයිතිය ද සමගින් පෞද්ගලික අංශ‍ය වෙත පවරා දීමට දැන් ආණ්ඩුව සැලසුම් කරමින් සිටියි.  මේ ගුවන් සේවාව සඳහා කොන්ත්‍රාත් ලබා ගන්නේ කවුරුද යන්න හා ඔවුන් පිටුපස සිටින්නේ කවුරුද යන්න ගැන අවධානයෙන් සිටිය යුතු ය.   මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

මීගමුවේ මුහුදු ගුවන් යානා ප්‍රශ්නය ගැන ධීවර ඇසින් | The view of the fisher community on the sea plane issue of Negambo lagoon

Image
( 2010 නොවැම්බර් 30,  W3Lanka )  මීගමුව කලපුවේ ධීවර කර්මාන්තය ඇරඹුණේ රජය නම් ප්‍රපංචය ඇරඹෙන්නට බොහෝ පෙර යයි අනුමාන කළ හැකි ය. රජය බිහි වී කලපුව හෝ වෙනත් ස්වාභාවික පරිසර පද්ධතියක් සිය දේපලක් යයි ප්‍රකාශයට පත් කළ පළියට එය මුළුමනින් ම එහි ගහ කොළවලට, සතුන්ට හා ඒ ආශ්‍රිතව ජීවත් වන දියුණු සත්ව විශේෂයක් වන මිනිසුන්ට අහිමි කරන්න රජයට තිබෙන සදාචාර අයිතිය කුමක් ද? එසේ අහිමි කිරීම නිසා ඇති වන ප්‍රති විපාක සොබාදහමේ තුලනයට බල පාන්නේ කෙසේ ද?  ලංකාව මහා සංවර්ධන ව්‍යාපෘති දියත් කරන්නේ ලෝකයේ දියුණු රටවල් එවැනි දේ ක්‍රියාත්මක කර සියවස් ගණනක අත්දැකීම් ලබා ගත් පසුයි. අපට වුණත්, මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ කඩිනමින් සිදු වූ අනර්ථකාරිත්වය පිළිබඳ අත්දැකීම් තිබෙනවා.  මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නූතන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ ඒ අතීත අත්දැකීම් වළලා දමමින්.  සොබාදහම විසින් වසර මිලියන ගණනක් තිස්සේ ගොඩනැඟූ දේ මිනිසා විනාශ කරන ආකාරය දුටු විට මතක් වන ප්‍රස්ථාව පිරුළක් වන්නේ 'වළංකාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයාට පැයකින් අවසන් කළ හැකි ය' යන්නයි.  සොබා දහම, පරිසරය, ...