Posts

Showing posts with the label private buses

සිඟාකෑම, ගසාකෑම, අනාගෙන කෑම සහ බස් ධාවනය

Image
(2010 අප්‍රේල් 27 -  W3Lanka  )  පෞද්ගලික බස් රථවලට ගොඩවී සිඟාකෑම හා වෙළඳාම් කිරීම මැයි 1 දා සිට තහනම් කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න තීරණය කර ඇති බව අද පුවත්පත් වාර්තා කරයි. තහනම් නියෝග නිකුත් කරන ගැමුණු විජේරත්න යනු බස් හිමියන්ගේ සංගමයක සභාපතිවරයකු මිස රාජ්‍ය නිලධාරියකු නොවේ. එහෙත් ඔහුට නීතිමය පදනමක් තිබේ. ජාතික ගමනාගමන කොමිසන් සභාව මඟින් දුරගමන් බස්රථ සඳහා නිකුත් කරන මාර්ග බලපත්‍රවල සිඟාකෑම හා වෙළඳාම තහනම් බවට සඳහන් කර ඇති බවද ඒ මහතා කියයි. සිඟාකෑම සහ වෙළෙඳාම් නතර කිරීමට පොලිසියේ සහායද අවශ්‍ය බව විජේරත්න මහතා කියයි. අප සිතන පරිදි නම් පළමුව අවශ්‍ය වන්නේ බස් සේවකයන්ගේ සහායයි. අනෙක් පැත්තෙන් මාර්ග බලපත්‍රවල තිබෙන අනෙකුත් කොන්දේසි ගැන ගැමුණු විජේරත්නට කියන්නට තිබෙන්නේ කුමක්ද? පෞද්ගලික බස් සේවයෙහි තිබෙන ප්‍රධාන ගැටලුව සිඟමන් යැදීම හා වෙළඳාම නොවේ. බස් සේවකයන්ට විනයක් නැතිකම, අධික ලෙස සෙනග පැටවීම, අධි වේගයෙන් හෝ අධික සෙමින් ධාවනය, සුඛෝපභෝගී යයි කියා වැඩිපුර මුදල් අය කරන බස්වල කිසි ම සුඛයක් නැති වීම වැනි තමන්ට ඍජුව ම අදාළ ප්‍රශ්න ගැන...