හෙද නිලධාරීන්ගේ සටන | Sri Lanka government nurses struggle for rights
( 2010 අගෝස්තු 18, W3Lanka ) හෙද සේවාවට බලපාන මුලික ඉල්ලීම් කිහිපයක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සම. සාකච්ඡා කළ ද ඒවාට විසඳුම් ලබාදීම දිගින් දිගටම කල්යන බැවින් අගෝස්තු 18 දින දහවල් 12.00 ට ශ‍්‍රී ලංකා ජාතික රෝහල ඉදිරිපිට දී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කළේ ය. හෙදියන්ගේ ඉල්ලීම් මෙසේ ය. 1. පරිපූරක සේවාවට ලබාදුන් පරිදි වසර 12 කින් හෙද සේවාවට 1 ශ්‍රේණිය ලබා දීම ක‍්‍රියාත්මක නොකිරීම 2. හෙද සේවාව සඳහා දින 05 සතිය ලබාගැනීමට පත් කළ කමිටුවේ වාර්තාව මේ වනතුරු එළිනොදැක්වීම 3. හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී සංගමය ඉදිරිපත් කළ සමහර යෝජනා ඇතුලත් නොකිරීම 4. හෙද උපාධිය පිළිබඳව පැවැත්වූ අමාත්‍ය සාකච්ඡාවේදී ඇතිවු එකගතාවන් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක‍්‍රියාත්මක නොවීම 5. හෙද නිලධාරීන්ගේ ඩිප්ලෝමා සහතික ලබාදිමට යෝජනා කල කඩිනම් වැඩපිලිවෙල ක‍්‍රියාත්මක නොවිම 6. හෙද අධ්‍යක්ෂ, විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර නොගැනීම 7. හෙද නිලධාරීන්හට පත්වීම් දීමේදී කුසලතාවය මත පත්වීම් දෙන ක‍්‍රමය උල්ලංඝණය කිරීම Y...