ප්‍රවෘත්ති ය කියා අප බලන්නේ මොනවා ද? | what news are we reading?
( 2010 ඔක්තෝබර් 10, W3Lanka ) අද අපි ප්‍රවෘත්ති කියා කියන්නේ මොනවාට ද? රාත්‍රී අටට රූපවාහිනී තිරයේ උඩින්, යටින්, වටෙන්, මේසය මත ඇති පරිගණකයේ හා තේ කෝප්පයේ පවා වෙළඳ දැන්වීම් ය. නිවේදිකාවන්ගේ රත් දෙතොල්, ළමැද සරාගී ය. ඔවුන් කියවන්නේ මොනවා ද? ජනාධිපති ළමයකු වඩා ගත්තේ ය. මවක් දරුවකු ගඟට විසි කළා ය. පාන් ගෙඩියක හූනු වලිගයක් තිබී ඇත. ඔවුන් තෝරා ගන්නා සිද්ධි මොනවා වුණත් පුවත් වේ. තෝරා නො ගන්නා යම් සිද්ධියක් වේ ද එය පුවතක් නො වේ. ඔවුන් ප්‍රවෘත්ති බවට පත් කරන්නේ මිනිසුන් අසන්නට කැමති හෙවත් මිනිසුන්ට පහසුවෙන් විකිණිය හැකි දේ සහ දේශපාලකයන්ට, ව්‍යාපාරිකයන්ට, නිලධාරීන්ට මිනිසුන්ගේ හිස් කුහර තුළට ඇතුළු කිරීමට අවශ්‍ය දේ ය. ගුරුවරුන් හිඟ, ලෝකයෙන් ඈත, ජීවිතය දුෂ්කර ගම් පෙදෙසක පාසලක ඉතිහාසයේ පළමු වතාවට සිසුවකු පහේ ශිෂ්‍යත්වය සමත් වී ඇත. එය පත්තරේ දා ගන්න බැරිදැයි විදුහල්පතිවරයකු අසයි. බැරි ය. එය පුවතක් නො වේ. ප්‍රවෘත්ති ජීවිතයට ඉතා වැදගත් ය. වරක් අපගේ හිතවත් ගුරුවරයෙක් බස්නාහිර පළාතේ අර්ද නාගරික පෙදෙසක සිංහල මධ්‍ය මහා විද්‍යාලයක උසස...