Posts

Showing posts with the label judiciary

මෙන්න ලංකාවට තවත් විශිෂ්ඨ පළමු ස්ථානයක්? | Another first for Sri Lanka?

Image
‍ (2010 ජුනි 10,  W3Lanka )  ලෝකෙන් වැඩි ම, ඉහළ ම, වැඩි ම ආදී ස්ථාන ලබා ගන්න ලංකාවේ පාලකයන් හරි කැමතියි. අපි තමයි ලෝකෙ පළමුවෙනි අගමැතිනිය බිහි කළ රට. එහෙම වුණේ ලංකාව ගැහැනුන්ට සම තැන දෙන දියුණු රටක් නිසා ද? නැහැ, පාලකයෙකු මැරුණා ම ඔහුගේ උරුමය පුතාට හෝ පුතා ලොකු වන තුරු බිරිඳට හෝ හිමි විය යුතු යයි සිතන පසුගාමී රටක් නිසා.  ලංකාවේ ජනගහණයෙන් 53%ක් ගැහැනු. ඒත්, පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5%ක්වත් නැහැ. පළාත් සභාවල තත්වය මීටත් අන්තයි. ලංකාවේ විප්ලවවාදී යයි කියන දේශපාලන පක්ෂවල පවා දේශපාලන මණ්ඩලයක කාන්තාවක් සිටි බවට තොරතුරු නැහැ. එහෙම ඉන්න පුළුවන් මට්ටමක හිටිය එක ම කාන්තාව අප දන්නා හැටියට නම් විවියන් ගුණවර්ධනයි. එහෙත්, අප දන්නා තරමින් ඇය හෝ සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සිටියේ නැහැ. වැරදි නම් නිවැරදි කරන්න. ඒ වුණාට අපි හරි කැමතියිනේ, අපි ලෝකයේ පළමු තැන ලබා ගන්න අංශ ගැන කතා කරන්න. ලෝකයේ පළමු තැන ලබා ගැනීමේ පිස්සුව නිසා අපේ මිනිස්සු තම තමන්ට පුළු පුළුවන් හැටියෙන් එක එක විකාර කරලා ගිනස් වාර්තා තියනවා. ඔන්න දැන් ලෝකයේ පළමු තැන සඳහා උත්සාහ කරන්න පුළුවන් තවත් මාර්ගයක් තියෙනවා....