ධනවාදය කියන්නෙ සූත්‍රයක් මිස අයිඩියොලොජිකල් සුරුවමක් නෙමෙයි - රාමචන්ද්‍ර | Capitalism is not an ideological idol - Ramachandra
(2010 මැයි 01 - W3Lanka ) ලංකාව වැනි පරිධියේ රටවල තිබෙන ධනවාදයත් අමෙරිකාව ජපානය වැනි රටවල තියෙන ධනවාදයත් එකක්ද?දෙකක්ද? "ධනවාදීන්" අමෙරිකාවේ තියෙන්නෙ ධනවාදයක් කියල බොහොම සන්තෝසෙන් කියනවා.නමුත් ලංකාවේ තියෙන්නෙ මොකක්ද කියල ඇහුවම ලංකාවේ ධනවාදීහු කොරවෙලා වැල්වටාරම් කියනවා. ලංකාවෙ තියෙන්නෙ අමෙරිකානු පන්නයේ ධනවාදයක් නෙමෙයි තමයි. ඒ ගැන විවාදයක් නැහැ. ලංකාව වගේ රටවල තියෙන්නෙ පසුගාමී පන්නයේ ධනවාදයක්.මේකත් ධනවාදයේ තවත් 'වර්ෂන්' එකක් මිස රාජ්‍යවාදයක්වත් වැඩවසම් ආර්ථිකකයක් වත් වෙන මුකුත් කෙහෙල්මලක්වත් නෙමෙයි. (ලංකාවෙ තියෙන්නෙ වැඩවසම් ආර්ථිකයක් කියල කියන කෙනෙක් එක්ක වාද කිරීමත් තෙරුමක් නැති දෙයක්.ඒ ප්‍රකාශයෙන්ම ඔහුට විෂය ගැන තියන දැනුම පේන හින්ද) අමෙරිකාවේ නිෂ්පාදනය මූලික කරගත්ත දියුනු ධනවාදයකුත් අපේ රටවල නොදියුණ ධනවාදයකුත් තියෙන්නේ ඇයි? කමෙන්ට්ස් දාන "ධනවාදීන්" ඇනගන්න අනිත් තැන ඔතන. ඒ අය "අධිරාජ්‍යවාදය" කියන ක්‍රියාවලිය ගැන දන්නෙ නැහැ නැත්තං අහල නැහැ.අද තියෙන්නෙ ඇඩම් ස්මිත් කතාකරපු පූර්ණ තරග ධනවාදය නෙමෙයි. අද තියෙන්නෙ අධිරාජ්‍යවාදය දක්වා ...