අරාබියේ මෙන් ලංකාවේත් බ්ලොග් ආණ්ඩුවේ ලියාපදිංචි කරන්න යෝජනා එයි ද? | Will Sri Lanka propose registration of blogs?
( 2010 සැප්තැම්බර් 28, W3Lanka ) සවුදි අරාබියේ සංස්කෘතික හා තොරතුරු ඇමතිවරයා පසුගිය දිනෙක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සියලු සවුදි අරාබියානු අන්තර්ජාල ප්‍රකාශකයන් සහ ඔන්ලයින් ජනමාධ්‍ය ලියාපදිංචි විය යුතු බවයි. ලියාපදිංචිය අවශ්‍ය ඒවා අතරට බ්ලොග් සහ සංසද හෙවත් ෆෝරම් ද අයත් වුණා. මේක ලංකාවේ ලොකු ලොක්කන්ට ආරංචි වුණ හැටියේ අපටත් මේක හොඳ නැද්ද කියා සාකච්ඡා කරන්න ඇති. ලංකාව ඉතින් ලෝකෙ ඕනැ තැනකින් එන ඕනෑම නරක දෙයක් භාර ගන්න සූදානම් නේ. හිතන්න බැරි විහිළු පවා මෙහි ඇත්ත වෙලා තියෙනවා නේ. ඉතින් ලංකාවේ මෙහෙම නිවේදනයක් නිකුත් වුණා නම්, පසුවදා සිට ප්‍රධාන ජනමාධ්‍ය පෙන්වා දෙන්න පටන් ගන්නේ මෙම පියවරේ හොඳ ම තමයි. ලංකාවේ බහුතරයක් ජනමාධ්‍යකරුවන් කියන්නේ රජ පවුල රෙද්ද පෙන්නුවා ම කපලා, මහලා, රජ පවුලේ ඉස්ටැයිල් එක නිසා අඳින්න ලෝබ වෙලා, හොඳට පේන්න කෝටුවක අමුණාගෙන ලස්සනට ඔලුවට ඉහළින් අල්ලාගෙන සුපුරුදු පරිදි හෙලුවෙන් පාරේ යන කට්ටියක් නේ. බ්ලොග් පවත්වන් යන්නේ කොටින් විසින් ය කියාත්, මේ බ්ලොග්වල අසභ්‍ය ලිංගික දර්ශන තිබෙන බවත් කියන්න පටන් ගන්නවා. ඊට පස්සෙ...