Posts

Showing posts with the label fitch ratings

ආර්ථිකය නංවන්න අයි.ඕ.සී., නෙස්ලේ සරණ පැතීමේ බැසිලියානු න්‍යාය | The Basilin theory of improving ratings with the help of Nestle and IOC

Image
‍ (2010 ජුනි 12,  W3Lanka )  ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ ස්වෛරී ශ්‍රේණිගත කිරීම්වල අගය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. මෙම කමිටුවේ සාමාජිකයන් අතරින් එක් අයෙකු ඉන්දීය තෙල් සංස්ථාවේ හෙවත් අයි.ඕ.සී. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කේ.ආර්.සුරේෂ් කුමාර් වීම හා තවත් අයෙකු බහු ජාතික නෙස්ලේ සමාගමේ දේශීය නියෝජිතයා වන නෙස්ලේ ලංකා සමාගමේ කළමණාකාරි අධ්‍යක්ෂ ඩේවිඩ් සූඩාන් වීම සුවිශේෂ ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ.ජී.ජී.ඩී. ධීරසිංහ මහතා කමිටුවේ සභාපතිවරයා වශයෙන්ද, සහකාර අධිපති ජේ.මාම්පිටිය මහත්මිය උප සභාපතිවරිය වශයෙන්ද කටයුතු කරන අතර මහ බැංකුවේ ආර්ථික හා පර්යේෂණ අධ්‍යක්ෂ කේ.ඩී, රණසිංහ, රාජ්‍ය ණය අධිකාරී සී.ජේ.සී.සිරිවර්ධන, අතිරේක රාජ්‍ය ණය අධිකාරී සී.එන්.විජේසේකර, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් යූ.ආර්.සෙනෙවිරත්න, බ්‍රැන්ඩික්ස් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර්, නෙස්ලේ ලංකා සමාගමේ කළමණාකාරි අධ්‍යක්ෂ ඩේවිඩ් සූඩාන්, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය අනුර ඒක...