Posts

Showing posts with the label ethnicity

ජාතිවාදය හා ජාතිකවාදය | Nationalism and nationalist chauvinism

Image
අජිත් පැරකුම් ජයසිංහ - පසුගිය සතියේ අප විසින් සම්පාදනය කරන ලද ලිපියට අන්තර්ජාලය හරහා ප්‍රතිචාර දැක්වූ පාඨකයෙක් අප "සිංහල අයට 'ජාතිවාදීන්' (racist) කියාත් දෙමළ අයට කයන්නක් එක් කර 'ජාතිකවාදීන්' (nationalist) කියාත්" භාවිතා කරන්නේ මන්දැයි අසා තිබිණි. එහෙත් මෙම ලිපියේ කොතැනකවත් එසේ භාවිතා කර නොතිබුණු අතර අපගේ ලේඛනවල අප එසේ භාවිතා කර තිබේ යයි ඔප්පු කරන ලෙස අප එම පාඨකයාගෙන් ඉල්ලා සිටිය ද ඔහු ඉන් පසු නිහඬ විය. මෙම වචන පිළිබඳව අප මුල සිට ම සංවේදී වුණෙමු. 'ජාතිවාදය' යන වදන අප භාවිතා කළේ නිශ්චිත අරුතකින් යුතුව සීමිත අවස්ථා ගණනාවකදී පමණි. මෙවැනි අභූත චෝදනාවක් මතු කිරීම ද අප දකින්නේ සිංහල ජාතිවාදී හීනමාන සිතීමක ප්‍රතිඵලයක් ලෙසයි. එය එසේ වන්නේ කෙසේදැයි පැහැදිලි කිරීම සඳහා මෙම වචන හා ඒවායින් ප්‍රකාශ වන සංකල්ප පිළිබඳ අදහසක් ඉදිරිපත් කළ යුතු යයි සිතමි. මෙහිදී අප උත්සාහ කරන්නේ ලාංකීය සංදර්භය තුළ හා සිංහල භාෂීය අවකාශය තුළ මෙම වචන සඳහා අරුත් ලැබෙන ආකාරය විමසා බැලීමටයි. එහෙයින් ජාතිකවාදය හෙවත් nationalism පිළිබඳ ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි බසින් නිර්මිත විදග්ධ කත...