Posts

Showing posts with the label culture

ලංකාවට ඉන්දියාවෙන් උගත හැකි පාඩම නම් භාෂා ආගමික භේදයකින් තොරව සෑම ඉන්දියානු පුරවැසියකුම සමාන වීමයි - රාමචන්ද්‍ර ගුහා

Image
(ජුලි 05, 2009) එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව අත් කර ගත් ජයග්‍රහණය සමග ජයෙන් පිනා ගිය තත්වයකට පැමිණීම ශ්‍රී ලංකාවට විපත්තිදායක බවද, මෙය ප්‍රජාතන්ත්‍රවාදයට හා බහුත්වවාදයට අවස්ථාවක් දීමට කාලය බවද ඉන්දියාවේ බැංගලෝර්වාසී කීර්තිමත් ඉතිහාසඥයකු හා චරිතාපදාන රචකයකු වන රාමඩන්ද්‍ර ගුහා පවසයි. ලන්ඩනයේදී 2009 වසරේ නේරු අනුස්මරණ දේශනය "දකුණු ආසියාවේ සහ ඉන් ඔබ්බෙහි ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රඩණ්ඩත්වය" මැයෙන් පවත්වමින්, ජම්මු හා කාශ්මීරයත් ශ්‍රී ලංකාවත් අතර සමානත්වය පෙන්වා දෙමින් ගුහා පවසන්නේ කාශ්මීරය ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදයට කළු පැල්ලමක් වන්නේ යම් සේ ද දෙමළ ජනයාට සලකන ආකාරය ලංකාවේ ප්‍රජාතනත්‍රවාදයේ අසාර්ථකත්වයේ සංඥාව බව පවසයි. භාෂාව, ඇඳුම හා විශ්වාසයන් විෂයෙහ් සංස්කෘතික බහුවිධභාවය ප්‍රජාතන්ත්‍රවාදයේ බැරෑරුම් කොටසක් බව ද, ලංකාවේ උතුරේ මැතිවරණ දූෂණවලට අමතරව, භාෂාව හා ආගම සම්බන්ධයෙන්ද වෙනස් කොට සැලකීම් ඇති බව ද ගුහා කීවේය. 1956දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමෙන් ඇරඹුණු සිංහලය සුපිරි තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය 1972දී බුද්ධාගම නිල ආගම බවට පත් කිරීමෙන් තීව්‍ර වූ බවද, එමගින් බ...