Posts

Showing posts with the label crime

අපරාධ ජාලය වැනසීමේ මහා මෙහෙයුම හා පොලිස් රාජ්‍ය පදනම | Operation to eliminate the crime network and laying foundation for a police state

Image
(2010 අප්‍රේල් 27 -  W3Lanka )  ත්‍රස්තවාදය තුළින් රට පුරා මතුවූ අපරාධ ජාලය සම්පූර්ණයෙන් විනාශ කර දැමීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට උපදෙස් දී ඇති බව අද දිනමිණ වාර්තා කරයි. පුදපු ගමන් කාපි යකා වගේ මෙවැනි ප්‍රශ්නයක් මතු වේ. මර්දනය කරනු ලබන්නේ ත්‍රස්තවාදය තුළින් රටපුරා මතුවූ අපරාධ ජාලය පමණක්ද? දේශපාලන අනුග්‍රහයෙන් රට පුරා පැතිරුණ අපරාධ ජාලය මෙයට අදාල නැද්ද? ත්‍රස්තවාදයේ ද අංශ දෙකක් තිබේ. එනම් රාජ්‍ය හා රාජ්‍ය නොවන ලෙසයි. රාජ්‍ය ත්‍රස්තවාදය දේශපාලන අනුග්‍රහය ලත් ත්‍රස්ත ජාලය සමග අතිනත ගෙන සිටින බව රහසක් නොවේ. කෙසේ වෙතත්, දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කිරීමට සියලු උපදෙස් ලබාදී ඇතැයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කරයි. මේ උපදෙස් වඳුරාට දුන් දැලි පිහිය බවට පත් වී පෞද්ගලික පළිගැනීම් සඳහා ද උපයෝගී කර නොගන්නා බවට වග බලා ගැනීමක් ද පාලකයන් පැත්තෙන් තිබිය යුතු ය.  'එක රටක්, එක ත්‍රස්තවාදයක් හා එක පාතාලයක්' යන ප්‍රතිපත්තිය ද නරක ම නැත. ත්‍රස්තවාදයන් හා පාතාලයන් රැසකින් බේරෙනවාට වඩා එකකින් මිය යාම පහසු ය. ත්‍රස්තවාදී උවදුරින් මතුවූ මෙම අපරාධ ජාලය විනාශ කිරීමට නොහැකි වූයේ වසර 30...