Posts

Showing posts with the label corruption

අල්ලස් දීම පාරදෘෂ්‍ය ලෙස කළ හැකි ක්‍රමවේදයක් සකසනු! | Make bribery transparent

Image
( 2010 අගෝස්තු 20,  W3Lanka )  ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙස බොරුවට පෙනී සිටිමින් පන්නිපිටිය ධර්මපාල විදුහලේ 1 වසරට දරුවකු ඇතුල් කරදෙන බව පවසා පන්නිපිටියේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්‍ෂයක්‌ ලබාගෙන වංචාවක්‌ සිදුකළ කාන්තාවක්‌ රත්නපුර මහෙස්‌ත්‍රාත්වරිය විසින් පසුගිය දිනෙක රිමාන්ඩ් කරන ලදී. අදාළ පාසලට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් වෙනම නාමලේඛණයක්‌ එවන බවත්, හැකි ඉක්‌මණින් නාමල් රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ අරමුදලට රුපියල් ලක්‍ෂයක්‌ ලබාදෙන ලෙසත්, එසේ  නො ලැබුණහොත් වෙනත් ළමයකුට අවස්‌ථාව ලබා දෙන බවත් මෙම කාන්තාව පවසා ඇත.  අල්ලස දුන් පුද්ගලයා පොලිසියට පැමිණිලි කරන්නේ වැඩේ සිදු නො වූ නිසා හා අදාළ කාන්තාව සම්බන්ධ කර ගැනීමට ද බැරි වූ නිසා ය. වැඩේ වුණා නම් පැමිණිලි නැත. අල්ලස් දුන් පුද්ගලයා එකී කාන්තාව විශ්වාස කර තිබෙන්නේ ඇය හිටපු මන්ත්‍රීවරියකගේ දුවනියක ද වූ නිසා ය.  2010 වසරේ දෙවන පාසල් වාරය ද අවසන් ය. එහෙත්, තවමත් ළමයින් පාසලට ඇතුළත් කිරීමේ ගැටලු තිබේ. එම කරුණ පැත්තකින් තබමු.  අද වන විට සමාජයේ කණින් කොණ...