Posts

Showing posts with the label c.a. chandraprema

ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ කතිකාව නව මානයකට | The dialogue on Prageeth Ekneligoda moves to a new dimension

Image
ප්‍රගීත්, බිරිද හා දරුවන් කිඹුලකු නොවී ඔහු ගැන සිතමු (2010 මැයි 10 -  W3Lanka )  ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී දින සියයකට වැඩි ය. ඔහු වෙබ් අඩවිවල ජනප්‍රිය මාතෘකාවක් වෙද්දී ඔහු පිළිබඳව අප ලියුවේ ඉතා මඳ වශයෙනි. ඊට හේතු කීපයක් තිබිණි. පසුගිය කාලයේ ලංකාවෙන් පළා නොයමින් විකල්ප අදහස් සන්නිවේදනයේ යෙදුණු හා අරගල කළ මාධ්‍යකරුවන් හා සමාජ ක්‍රියාකාරිකයන් කිහිපදෙනා ජීවිත අත්දැකීමෙන් හොඳින් දන්නා කරුණක් ඇත. එනම්, මාධ්‍යකරුවන් පැහැරගෙන ගිය, වධ හිංසනයට ලක් කළ, අතුරුදහන් කළ පිරිස ඒ දේ කළේ ආවාට ගියාට නොවන බවයි. එවැනි සෑම ක්‍රියාවක් ම ඉතා ම සැලසුම් සහගත අන්දමින් පැහැදිලිව තෝරා බේරාගෙන කළ ඒවා බව ද, එම පුද්ගලයන් පැහැදිලි මිලිටරි ඉලක්ක බව ද කිව හැකි ය. ඔවුන් මිලිටරි ඉලක්ක බවට පත් වූයේ ඔවුන් යුද්ධයේදී බලපෑම් සහගත අන්දමින් ප්‍රචණ්ඩ ක්‍රියා කළ අයගේ සතුරු පාර්ශ්වයට සේවය කළ නිසා ය. ඇතැමෙක් ඉලක්ක වන්නට ඇත්තේ ඔවුන් මාධ්‍යකරුවන් ලෙස කළ කාර්යභාරය නිසා නොව වෙනත් කටයුතු නිසා ය. එක් එක් පුද්ගලයාට දෙන ලද දඬුවමේ ස්වභාවය අනුව ඔහු මෙම ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවූ පාර්ශ්වයට ඉලක්ක වූ ආකාරය සිතා ගත හැකි...