Posts

Showing posts with the label blue fin tuna

ලෝකයට මනා ධීවර සම්පත් කළමනාකරණයක් අවශ්‍ය ඇයි

Image
( 2010 අගෝස්තු 15,  W3Lanka )  1950දී ලෝකයේ ධීවරයන් ඇල්ලූ මුළු මාළු ප්‍රමාණය ටොන් 18 මිලියනයක්. ඒත් එය 2000 වන විට ටොන් මිලියන 94ක් දක්වා වැඩි වුණා. එතැන් සිට වාර්ෂිකව අල්ලනු ලබන මාළු ප්‍රමාණය වැඩි නොවී එකම මට්ටමක පවතිනවා. සමහරු කියනවා අඩු වෙමින් පවතිනවා කියාත්. 1950 සිට මේ දක්වා කාලය තුළ ලෝකයේ විශාල මාංසභක්ෂක මසුන් සංඛ්‍යාව 90%කින් පහත වැටිලා. ලෝකයේ මත්ස්‍ය බිම්වලින් හතරෙන් පංගුවක් විතර අධික සූරාකෑමට ලක් වෙලා. මෙයට ප්‍රධාන හේතුව තමයි, පතුල් මාදැල් කිරීම (bottom trawling) වැනි විනාශකාරී ධීවර ක්‍රම. ඒවායින් මුහුදු පරිසර පද්ධති එහැම පිටින්ම විනාශ වෙනවා. ඒවා නිසා ලොව සමස්ත ධීවර නිෂ්පාදනයෙන් හතරෙන් පංගුවක් විතර මියැදෙනවා. නැතිනම්, අතුරු අස්වනු විදියට බෝට්ටුවලට පැටවෙනවා. සාගර සම්පත් මෙසේ අධික සූරාකෑමට ලක් වී විනාශ මුඛයට පත් වී තිබියදීත් ලෝකයේ රජයන් කළේ වානිජ ධීවර කර්මාන්තයට තව තවත් සහනාධාර දීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සූරාකෑම තවත් වැඩි වී කෝටි ගණනක් යැපුම් ධීවරයන්ගේ බඩට පහර වැදුණා. ඒ විතරක් නෙමෙයි, කෝටි 95ක් ලෝක ජනතාවගේ මූලික ප්‍රෝටීන් ප්‍රභවය වන මාළු නිෂ්පාදනයේත් ගැටළු ඇති වු...