ප්ලාස්ටික් බෝතලෙන් ආපසු පයිප්පෙට | Back to tap
(2010 අගෝස්තු 12, W3Lanka ) වැඩි වැඩියෙන් ශ්‍රී ලාංකිකයෝ දැන් ප්ලාස්ටික් බෝතල්වල පිරවූ පානීය ජලය බීමට පුරුදු වෙමින් සිටිති. ගමනේ බිමනේදී පහසුවට කරන මෙම පාවිච්චියෙහි අතුරු ඵල ලෙස දිරා නොයන ප්ලාස්ටික්වලින් භූමිය පිරෙන බව ද, ජල මාර්ග සිර වන බව ද, ඉවත දමන බෝතල් ඩෙංගු ඇතුළු රෝග පතුරුවන මදුරුවන්ගේ තිඹිරි ගෙවල් වන බව ද, බෝතල් නිෂ්පාදනයේදී වටිනා පොසිල ඉන්ධන කන්දරාවක් අපතේ යවන බව ද ඔබ දන්නවාද? එපමණකින් නොනැවතී එය විසින් ඔබේ ශරීර සෞඛයයට කරන හානිය කොපමණදැයි ඔබ සිතුවාද? මේ එක් වතුර බෝතල් වර්ගයක වෙළඳ නාමය ඇමරිකන් ය. කොහොමටත් මෙවැනි අනතුරුදායක පරිභෝජන රටාවන් ලෝකයට දායාද කර දෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය බව රහසක් නොවේ. මේ විලාසිතාවේ පාරිභෝජනවාදයන්ගේ ආදීනව අපට එක්සත් ජනපදයෙන්ම විමසා බැලිය හැකිය. පසුගිය වසරේ ඇමරිකානුවෝ ඩොලර් බිලියන් 11ක බෝතල් වතුර ගැලුන් බිලියන අටක් බී බිලියන් 22ක් හිස් ප්ලාස්ටික් බෝතල් කසල ගොඩෙහි හෙළුවෝය. වතුර පුරවන ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය සඳහා පමණක් ඇමරිකාව වසරකට වැය කරන තෙල් බැරල් ගණන මිලියන් 1.5කි. වාසනාවකට මෙන්, අපේ රජය අඩු තරමේ මේ ප්‍රශ්නය කෙරෙහි අවධානය වත් යො...