Posts

Showing posts with the label avant-garde maritime services

ඇවන්ට් ගාඩ් ආරක්ෂක සමාගම ගෝඨාගේ හෙල්පිං හම්බන්තොට ද?

Image
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නීති විරෝධී ක්‍රියා දෙකක් මේ වන විට හෙළිදරව් වී තිබේ. ඉන් එකක් වන්නේ කොළඹ ගාලු මුවදොර ආසන්නයේ යුද හමුදා මූලස්ථානය විකුණා ලබා ගත් මුදල් නීත්‍යානුකූල අන්දමින් රජයේ සංයුක්ත ගිනුමට බැර නො කර, පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව ආරක්ෂක ලේකම් නමින් වෙනම ගිනුමක තබා ගැනීමයි. එයට කැබිනට් අනුමැතිය ගත් බව ඔහු කියතත්, එවැනි ක්‍රියාවක් අනුමත කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව දැන් හෙළි වී තිබේ. එයින් පසු ‍ගෝඨාභය රාපක්ෂ කියන්නේ එ‍සේ නො කළා නම් අකුරුගොඩ නව හමුදා මූලස්ථානය මේ අන්දමින් ගොඩනගන්නට නො ලැබෙන බවයි. එය නම් අපූරු කතාවකි. ඔහු ඇත්ත වශයෙන් ම පසුගිය ආණ්ඩුවේ දෙවන බලවත් ම පුද්ගලයා විය. රාජ්‍ය සේවය තුළ ඔහුට බැරි දෙයක් නො තිබිණි. එහෙම තත්වයක් තුළ රටේ පවතින නීතියට අනුකූලව අරමුදල් සම්පාදනය කරගෙන හමුදා මූලස්ථානය හදන්නට ඔහුට බැරි ද? රාජ්‍ය අංශය තුළ ඔහුට කළ නො හැක්කක් නොමැති බව සඳහා නිදසුනකි, දෙවන සිද්ධිය. ඒ ඇවන්ට් ගාඩ් සිද්ධියයි. සැකෙවින් මෙසේ ය. සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගෙන් නැව් ආරක්ෂා කර ගැනීම සඳහා වෙළඳ නැව්වලට අවි සහ ආරක්ෂාව සැපයීමේ ව්‍යාපාරයක් නාවික හමුදාව කරගෙන ගියේ...