Posts

Showing posts with the label angered Mahinda

ජනාධිපතිට හූ කියන්නේ මොන රටේද - ලංකාවේ අපේ ලංකාවේ | Sri Lanka, a country where you can hoot at the President

Image
(2010 අප්‍රේල් 06- W3Lanka  )   පසුගියදා අපේ මිතුරෙක් අපට කී කතාවක් මෙසේය.  ලංකාවේ ඉන්නට බැරි යයි සිතුන බල්ලෙක් මුහුදට පැන පෝක් සමුද්‍ර සන්ධිය හරහා කිට්ටුම දේශය වන ඉන්දියාවට පීනා යමින් සිටියේය. මුහුද මැදදී හදිසියේම ඔහු දුටුවේ අපූරු දසුනකි. ඉන්දියාව පැත්තේ සිට තවත් බල්ලෙක් ලංකාව දෙසට පීනා එමින් සිටියි. ඌ කැහැටු බල්ලෙකි.  "ඒයි, මං මේ ලංකාවේ ඉන්න බැරිව ඉන්දියාවට යනවා. උඹ මොකද ඉන්දියාවේ ඉඳන් ලංකාවට එන්නේ?" ලංකාවේ බල්ලා ඉන්දියන් බල්ලාගෙන් ඇසීය. "එහෙ කන්න නෑ බං," යි කී ඉන්දියන් බල්ලා දිගටම පීනාගෙන ගියේය. එහෙත් මඳ දුරක් යද්දී ඔහුට කරුණක් සිතුණි. කන්න නැති නිසා තමන් ඉන්දියාවේ සිට ලංකාවට යද්දී ලංකාවේ බල්ලා කන්න නැති ඉන්දියාවට පීනා යන්නේ මන්දැයි අසන්නට ඔහුට සිතිණි. ඔහු ආපසු පීනා ඇවිත් ලංකාවේ බල්ලාගෙන් ඒ පිළිබඳ විමසුවේය.  "ඇයි බං, ලංකාවෙත් කන්න නැද්ද?" "නෑ බං, ලංකාවෙ කන්න නැත්තෙම නැහැ. ඔය හදාගන්න බැරිව ළමයින්ව ගංගාවලට වීසි කළාට තවම කවුරුත් බඩගින්නේ මැරුනෙ නැහැ." "ඉතින් උඹ ඇයි ලංකාවෙන් යන්නෙ?" "එහෙ නිදහසේ බුරන්න බෑ බං."  මේ කතාව ...