Posts

Showing posts with the label Wasudewa

වාසුදේවගේ ඓතිහාසික පාවා දීමේ ප්‍රකාශය |Vasudewa Nanayakkara's historic declaration of betrayal

Image
( 2010 සැප්තැම්බර් 09,  W3Lanka )   තම මව් බස පරිහරණය කිරීමට නො දත් පුද්ගලයකු විසින්  ඉතා දුර්වල සිංහල භාෂාවකින් ලියා ඇති පහත පළ වන ලේඛනය ඓතිහාසික වශයෙන් වැදගත් වේ. මක් නිසාද යත්, මෙය ලියූ කලක් අපගේ ගෞරවයට පාත්‍රව සිටි වාසුදේව නානායක්කාර නම් ‍වාම ලිබරල්වාදියාගේ දේශපාලනික මරණ සහතිකය ලෙස සැලකිය හැකි බැවිනි. මෙතැන් සිට අප දකින ශරීරයේ කලින් සිටි වාසුදේවගේ රැවුලවත් නැති බව මෙම ලේඛනය දෙස් දෙයි. අප විසින් ඉස්මතු කර දක්වන කොටස් කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න. රතු අකුරෙන් දක්වා ඇති වගන්තිය විශේෂ ය. ඉතිහාසයක් පුරා මානව හිමිකම්, සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි  මෙම වයෝවෘද්ධ වාමාංශිකයා තම මතයට විරුද්ධ වූ සිය පාක්ෂිකයන්, තමන් පවා බියෙන් යටත් වන ඒකාධිපති මර්දන යන්ත්‍රයට පාවා දෙන නින්දිත ආකාරය බලන්න.  18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුනේ ස්ථාවරය ජනාධිපතිතුමාගේ ධුරකාලයේ සීමාවත් ඉවත් කිරීමත්, ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සඳහා සම්මත කර ගෙන  තිබූ නීතිය බලරහිත කිරීමත් 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ හරයයි. ජනාධිපති ආණ්ඩු ක‍්‍රම ...