හොඳම ඡන්දදායකයෝ කුමන දිස්ත්‍රික්කයේ අයද? | Who are the best voters of Sri Lanka?
(2010 අප්‍රේල් 11 - W3Lanka ) 2010 මහ මැතිවරණයේ හොඳම ඡන්දදායකයන් කවුරු යයි ඔබ සිතන්නේද? මර්වින් සිල්වාට තුන්වන තැනට මනාප දී පාර්ලිමේන්තුවට පත් කළ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන ඡන්දදායකයෝද? දින අනූවකවත් දේශපාලන ඉතිහාසයක් නැති, 'පබා' නම් වැල නාට්‍යයේ රඟපෑමක් නොව පෙනී සිටීමක් කරන උපේක්ෂා ස්වර්ණමාලි දෙවෙනියට වැඩි ම මනාප ලබා දෙමින් පාර්ලිමේන්තුවට යැවූ ගම්පහ එක්සත් ජාතික පක්ෂ ඡන්දදායකයෝද? ජවිපෙ බලකොටුවක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ජවිපෙට ආසනයක් අහිමි කළ ජවිපෙ භාෂාවෙන් කියන්නේ නම් 'ගිරුවා පත්තුවේ වීරෝදාර' ජනතාවද? නාමල් රාජපක්ෂට උපන් දින තෑග්ග ලෙස ඔටුන්න හිමි කුමරා තනතුරේ ස්ථිර කිරීම සිදු කළ හම්බන්තොට ඡන්දදායකයෝද? රෝහිත බෝගොල්ලාගම, මිලින්ද මොරගොඩ, ගාමිනී ලොකුගේ යන කරනම්කාරයන්ට ගෙදර යන්න පාර පෙන්නූ කොළඹ දිස්ත්‍රික් ජනතාවද? රනිල් ඡන්දෙ දෙන්නට එපා කියද්දීත්, එපා කී ටිපෙක්ස් රංජි හෙවත් රංජිත් මද්දුම බංඩාර ම පාර්ලිමේන්තුවට පත් කර එවූ මොනරාගල දිස්ත්‍රික් එජාප ඡන්දදායකයෝද? රටේ ම ඡන්ද ප්‍රතිඵල පමා කිරීමට හා රු. කෝටි ගණනක මහජන මුදල් නාස්ති...