ජී.එස්.පී විවාදය: බටහිර රටවලට විදේශිකයන් මරන්නට ඇති අයිතිය අපට අපේ මිනිසුන් මරන්නට ද තිබිය යුතු ය | GSP debate: Sri Lanka government too must have the right to kill her people in the same way the West killed Arabs
(2010 ජුලි 02, W3Lanka ) කුමන්ත්රණ ගැන සිතන්නට ලංකාවේ අපි ස්වභාවයෙන් ම ප්රිය කරන්නෙමු. අප සිතා ඉන්නේ ලෝකයේ හරි මැද අප ය කියා ය. ඒක හෝ වෙනත් මොකක් හෝ හේතුවක් ද අහේතුවක් ද මොකක්ද මරගාතයක් නිසා මුළු ලෝකය ම අපට විරුද්ධව කුමන්ත්රණය කරමින් සිටින බව සිතන්නට අපි කැමැත්තෙමු. මෙම තත්වය කිසියම් පුද්ගලයකුට තිබේ නම්, ඔහු හෝ ඇය වහා මානසික සායනයකට යොමු කරනු ලැබේ. එහෙත්, ජාතියකට මෙම රෝගය වැළඳී ඇති කල කළ යුතු දේ කුමක්ද යන්න තව ම සොයාගෙන නැත. මේ අපේ අනාගත රාජ්ය නායකයකු වන්නට සිහින මවන ඇමති මෛත්රීපාල සිරිසේන අද දිනමිණට කරන ප්රකාශයකි. (අපට සිටි රාජ්ය නායකයන් මීට වඩා 'හොඳ' ප්රකාශ කර ඇති බැවින් මෙය මොහුට නුසුදුසුකමක් වන්නේ නැත.) "ජී. එස්. පී. ප්ලස් සහනය ඉවත් කිරීමේ ප්රයත්නය පිටුපස විශාල කුමන්ත්රණයක් තිබෙනවා. එයත් සිදු කරන්නේ මා මීට පෙර සඳහන් කළ බටහිර ඇතැම් රටවල් පමණයි." "අපේ මානව අයිතින් ගැන කතා කරන මේ මහත්වරු ඉරාකයේ , ආෆ්ගනිස්තානයේදී සිදුවන යුද අපරාධ ගැන කතා කරන්නේ නැහැ," යි ද ඔහු කියයි. මේ නම් අපූරු තර්කයකි. බටහිර රටවලට විදේශිකයන් මරන්නට ඇති අයිතිය අ...