Posts

Showing posts with the label Tigo

ටිගෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට විකිණේ

Image
(2009 ඔක්තෝබර්  19 - W3Lanka ) එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබි පදනම් කර ගත් Etisalat හෙවත් Emirates Telecommunications Corp. විසින් ලංකාවේ දෙවන විශාලතම ජංගම දුරකථන ජාලය වන ටිගෝ මිළ දී ගෙන තිබේ. ටිගෝ ලකාවේ ජංගම දුරකථන සේවා වෙළඳපොළෙන් 21%ක හිමිකරුවා ය.  මිළ ඩොලර් මිලියන 207කි. තමන් ටිගෝ මිළ දී ගන්නා බවට එයාටෙල් ද කයිය ගසමින් සිටියේය. ලංකාවේ මුල් ම ජංගම දුරකථන සමාගම වූ සෙල්ටෙල් පසුව ටිගෝ බවට පත් වූ අතර එහි හිමිකරු වූයේ ලක්සම්බර්ග් පදනම් කර ගත් මිලිකොම් ඉන්ටර්නැෂනල් සමාගමටයි.  Etisalat සමාගම සතුව ආසියානු කලාපයේ පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඉන්දුනීසියාව හා ඉන්දියාව යන රටවල ආයෝජන ඇති සමාගමකි.