Posts

Showing posts with the label Tamil National Alliance (TNA)

Process of granting solution to the ethnic problem of Sri Lanka reversed to 2005

Image
Sri Lanka government is to have another round of talks with the major Tamil constituent Tamil National Alliance (TNA) today in Colombo, unconfirmed sources say. This discussion was scheduled following the last dialogue held on June 23 in the Presidential Secretariat. Today's discussion is believed an extension of the dialogue on the talks on the implementation of the 13th amendment to the constitution. Reports say the TNA has proposed amendments to the concurrent list of the 13th amendment under which the central government and the Provincial Councils share equal powers in certain matters.............................................................. Read the full article in Lanka Polity මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

උතුරු නැගෙනහිර ඡන්දවලින් දිනුවේ කවුරුද? | Who won elections in north and east

(2010 අප්‍රේල් 12 -  W3Lanka )  යාපනයේ වලංගු ඡන්ද 721,359කින් ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ 148,503ක් පමණි.  21%ක් පමණ වන මෙම ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය දිවයිනේ සෙසු ප්‍රදේශවල සාමාන්‍යයටත් වඩා අඩු ය. මෙය විශේෂයක් වන්නේ යාපනය 1995 සිට ම හමුදා පාලනය යටතේ පවතින 'නිදහසේ' කේන්ද්‍රස්ථානය නිසා ය.  ඡන්දය දුන් දෙමළ ජනයා ද දෙමළ ජාතික සන්ධානයට හෙවත් ඉලංකෙයි තමිල් අරසු කච්චි හට ඉතා හොද ප්‍රතිචාරයක් දක්වා නැත. එම පක්ෂය මෙම මැතිවරණය සඳහා ෆෙඩරල් මූලධර්ම මත පිහිටි බලය බෙදීමක් පිළිබඳ කියැවෙන ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළේය.  දෙමළ ජාතික සන්ධානයෙන් කැඩී ගිය වඩා ජාතිකවාදී ප්‍රවණතාවක් වන, කොටි සංවිධානයට වඩාත් සමීපව සිටි කුමාර් පොන්නම්බලම්, කේ. ගජේන්ද්‍රන් හා පද්මිනී සිදම්බරනාදන් යන හිටපු මන්ත්‍රීන් නියෝජනය කළ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයට ලැබුණේ 5%ටත් අඩු ඡන්ද ප්‍රතිශතයකි. ඔවුන්ගෙන් කිසිවෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ නැත.  ආනන්ද සංගරී නායකත්වය දෙන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ද, මඩකලපු දිස්ත්‍රික්කයට වෙනම තරග කළ පිල්ලෛයන්ගේ නායකත්වයෙන් යුත් ටී.එම්.වී.පී. පක්ෂය ද වන...

දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය | General Election 2010 Manifesto, Tamil National Alliance (TNA)

(2010 මාර්තු 13- W3Lanka )   දෙමළ ජාතික සන්ධානය තුළ පසුගියදා බෙදීමක් ඇති විය. ආණ්ඩුවට පන්දම් අල්ලන්නන් එයින් ඉවත් කර දැමීම දේශපාලනිකව වැදගත් වන්නේ නැත. එ‍හෙත්, වැදගත් දේශපාලන චලනයන් කීපයක් ලාංකීය භූමියේ පශ්චාත් එල්.ටී.ටී.ඊ. දෙමළ දේශපාලනය තුල සිදු වෙමින් තිබේ. කොටි සංවිධානයට හිතවත්ව සිටි දැඩි ලෙස දෙමළ ජාතිකවාදී කොටස් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් කිරීම හා දෙමළ ජාතික සන්ධාන ආධීපත්‍යය ඍජුවම ශ්‍රී ලංකා රාජ්‍යය සන්ධීය රාජ්‍ය ප්‍රතිසංස්කරණ සහිතව පිළි ගැනීමට සූදානම් දෙමළ මධ්‍යස්ථ මතධාරීන්ට හිමි වීම මෙහි වැදගත් ම දේශපාලන චලනයයි. දෙමළ ජාතික සන්ධානය දැන් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා තිබේ. ලංකාවේ දෙමළ අනන්‍යතාව යළි දෙමළ බස පදනම් කරගෙන පිහිටුවීමට මෙහි උත්සාහයක් දරා තිබේ. එසේ ම දෙමළ කතා කරන මුස්ලිම් ජනයාගේ අනන්‍යතා වෙනස්කම් පිළිබඳව ද සැලකිල්ලක් දක්වා ඇත.  දෙමළ කතා කරන ජනයා වෙනුවෙන් උතුරු නැගෙනහිර ඒකාබද්ධ භූමියක් පදනම් කරගෙන සන්ධීය රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් ඇති කිරීම මෙහි  ඇති ප්‍රධාන ක්‍රියාමාර්ගයයි.  සංහිඳියාව, රාජ්‍ය ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය ඉලක්ක කර ගත් මෙ...