Posts

Showing posts with the label Sri Lankan refugees in India

තමිල්නාඩුවේ ලාංකික සරණාගතයන්ට ඉන්දීය පුරවැසිභාවය දෙන්න යෝජනා

(2009 සැප්තැම්බර් 29 - W3Lanka )  තමිල්නාඩුවේ කවුරුවල වෙසෙන ලක්ෂයක් පමණ වන ලාංකික දෙමළ සරණාගතයන්ට ඉන්දීය පුරවැසිභාවය ලබා දීම පිළිබව තමන් මධ්‍යම ආණ්ඩුව සමග සාකච්ඡුා කරන බව තමිල්නාඩු මහ ඇමති මුතුවේල් කරුණානිධි පවසයි. සැප්තැම්බර් 26දා තමිල්නාඩුවේ කාංචිපුරම්හි පැවති ද්‍රවිඩ මුන්නේත‍්‍ර කසාගම් ව්‍යාපාරයේ සමාරම්භක දින සමරු උත්සවයකදී මේ හා අදාළ යෝජනාවක් සම්මත කර ගැනිණි. 1983 සිට ලංකාවේ යුද්ධය නිසා අවතැන් වූ සරණාගතයන් 73,572 ක් ක`දවුරු 115ක ද, 30,000ක් ස්වයංව ද ඉන්දියාවේ වෙසෙති.